Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2023 විදුදය - රිට්ස්බරි පිහිනුම් ශූරතාවලියේ සමාරම්භක උළෙල අද (26 වැනිදා) පෙරවරුවේදී, එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, ජපුර ක්‍රීඩා සභාවේ සභාපති මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ජපුර ක්‍රීඩා ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ගාමිණී සිල්වා, ජපුර ක්‍රීඩා අධ්‍යක්‍ෂ නිශාන්ති විදානගේ සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ සන්නාම කළමණාකරු අරුණ ලියනපතිරණ යන මහත්ම මහත්මීහුද මෙම සමාරම්භක උත්සවයට සහභාගි වූහ.
පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සමාජ 300 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින්, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500 කට අධික පිරිසක් මෙම පිහිනුම් තරගාවලියට සහභාගි වෙති. ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන ‘රිට්ස්බරි’ මෙම තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි.
මෙම පිහිනුම් ශූරතාවලියේ තරග අද සහ හෙට (26 සහ 27 දිනවල) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වෙයි. සමාරම්භක උත්සවයේදී වැඩබලන උප කුලපතිවරයා ඇතුලු පිරිස පිහිනුම් තරග නැරඹූ අයුරු.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.