Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විම්බල්ඩන් තරගාවලියෙන් රුසියානුවන් ඉවතට

විම්බල්ඩන් තරගාවලියෙන් රුසියානුවන් ඉවතට

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමත්, බෙලරූස් රාජ්‍යය රුසියානු ආක්‍රමණයට සහාය දීමත් හේතුවෙන් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩකයින්ට මෙම වසරේ විම්බල්ඩන් තරගාවලියෙන් ඉවත්කර තැබීමට පියවර ගන්නා බව විම්බල්ඩන් සංවිධායකයෝ සූදානම් වෙති.

එවැන්නක් ක්‍රියාත්මක වුවහොත්, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදීමෙන් ඉවත් කරන පළමු ටෙනිස් තරගාවලිය විම්බල්ඩන් තරගාවලිය බවට පත්වනු ඇත. මෙම තොරතුරු අන්තර්ජාතික ටෙනිස් ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියකු විසින්, අඟහරුවාදා (19 වැනිදා) තහවුරු කරන ලදි. එහෙත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙළිදරව් කිරීමට ඔහුට බලය නොතිබූ නිසා නිර්නාමිකව ඔහු අදහස් පළකර තිබේ.

වසරේ ප්‍රධානතම ටෙනිස් තරගාවලි 4 වන, ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි හතරෙන් දෙවැන්න විම්බල්ඩන් තරඟාවලියයයි. එය ජුනි මස අගදී ආරම්භ වීමට නියමිතය.

අපේක්‍ෂිත තීරණය ක්‍රියාත්මක වුවහොත් ලෝකයේ ටෙනිස් ක්‍රීඩකයන් අතරේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් 4 දෙනකුට විම්බල්ඩන් තරගාවලිය අහිමි වනු ඇත. මේ වන විට ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 2 හිමි රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව් පසුගිය වසරේදී එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගත් ක්‍රීඩකයාය.

ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අනුව රුසියානු ක්‍රීඩිකාවෝ පස් දෙනෙක්ම ලෝකයේ හොඳම ක්‍රීඩිකාවන් 40 දෙනා අතරේ සිටිති. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ අංක 15 හිමි ඇනස්ටේෂියා පව්ලිචෙන්කෝවාය.

බෙලරුස් ක්‍රීඩිකා ආර්යානා සැබලෙන්කා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටින්නීය. ඇය පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවයි. ඇයගේ සහායිකාව වන වන වික්ටෝරියා අසරෙන්කා, ලෝකයේ හිටපු අංක 1 ක්‍රීඩිකාව වන නමුත් ඇය දැනට ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර 18 වැනි ස්ථානයේ සිටින්නීය.

පසුගිය පෙබරවාරියේදී රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව, වෘත්තීය ටෙනිස් තරග සංවිධායකයින් විසින් ඩේවිස් කුසලාන තරගාවලිය මෙන්ම ‘බිලී ජීන් කිං’ කුසලාන වැනි කණ්ඩායම් ඉසව්වලට සහභාගිවීම රුසියානුවන්ට සහ ඔවුන්ගේ බෙලාරුසියානු සහචරයින්ට තහනම් කරන ලදි. එහෙත් පසුගිය වසරේදී, එනම් 2021 දී ඩේවිස් කුසලාන මෙන්ම බිලී ජීන් කිං කුසලානයත් දිනාගන්නා ලද්දේ රුසියානු කණ්ඩායම් විසිනි.

පසුගිය මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින් රුසියානු ටෙනිස් සම්මේලනය මෙන්ම බෙලරූස් ටෙනිස් සම්මේලනයත් සිය සාමාජිකත්වයෙන් නෙරපා හැරිනු ලැබ ඇත. එහෙත් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩකයින්ට කිසිදු ජාතික අනන්‍යතාවයකින් තොරව, පුද්ගලයන් වශයෙන්, වෘත්තීය සංචාරවල දිගටම තරඟ කිරීමට අවසර දී ඇතත්, ලකුණු පුවරුවල හෝ ප්‍රකාශිත පරිගණක ශේණිගත කිරීම්වල ඔවුන්ගේ නම් වලට ඉදිරියෙන් ජාතික කොඩි හෝ රටවල නම් තවදුරටත් නොමැත.


 

- 213

 


අදහස් (0)

විම්බල්ඩන් තරගාවලියෙන් රුසියානුවන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.