Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීම් සංගම් (විවෘත පිස්තෝල) වෙඩි තැබීමේ තරගාවලිය මේ මස17 දින සිට 20 දක්වා පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා වෙඩි පිටියේදී පැවැත්වේ .
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සංගමය සහ ජාතික රයිෆල් සංගමය විසින් මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් අංශ ඇතුළුවෙඩි තැබීමේ ක්‍රීඩා සංගම් 16ක සාමාජිකයන් 218 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලියේදී කෙටි තරඟ අදියර තුනක්, මධ්‍යම තරග අදියර දෙකක් සහ දිගු තරඟ අදියරක් වශයෙන් අදියර හයක් යටතේ තරග පැවැත්වේ. මෙම තරග කණ්ඩායම් සහ කේවල වශයෙන් අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ නීති රීති යටතේ පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්තු මස 20 (ඉරිදා) පානළුව යුද හමුදා වෙඩි පිටිය දී පැවැත්වීමට ද නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.