Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශේෂ මහ සභා රැස්වීමෙන් 10 ක් නැගිට යති

විශේෂ මහ සභා රැස්වීමෙන් 10 ක් නැගිට යති

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමක් ඉකුත් සෙනසුරාදා (26 වැනිදා) පැවැති අතර එහිදී ක්‍රීඩා සමාජ 10 ක නිලධාරීන් විරෝධය දක්වමින් ඉන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර ටූවීල්, ශක්ති, දීප්ති, රංජිත් අනුර සහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ නිලධාරීන් මෙන්ම කුරුණෑගල සුපර් වීලර්ස්, කැලණිය ද ෆ්‍රෙන්ස්, ගෝනවල ශ්‍රී එක්සත්, වත්තල ෆ්ලයිං වීල් සහ කටාන ස්පින් රයිඩර්ස් ක්‍රීඩා සමාජ නිලධාරීහු විශේෂ මහ සභාව අතර මැද නැගිට ගිය පිරිස අතර වෙති.

 වත්මන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලන සහ ජාත්‍යන්තර පාපැදි සම්මේලනය අතර පවතින බාධකය ඉවත් කරගැනීම ස‍ඳහ එළඹෙන නිලවරණය 2017 වසරේදී පත්වු සම්මේලනය හරහා පැවැත්විය යුතු යැයි අනුරාධපුර ටූවීල් ක්‍රීඩා සමාජයේ උපාලි රත්නායක මහාතා විශේෂ මහ සභාවේදී අදහස් දක්වා ඇත. එහිදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපති නිශාන්ත පියසේන මහතා ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමත් සමග සභාව තරමක් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ.

තවදුරටත් අදහස් දැක්වූ උපාලි රත්නායක මහතා කියා ඇත්තේ මෙම තත්ත්වය මත ජාත්‍යන්තර පාපැදි සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය, ශ්‍රී ලංකා පාපැති සංගමයේ සාමාජිකත්වය තහනම් කළහොත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු විදෙස් තරගය කටසහභාගි වීමට අවස්ථාව නොලැබෙන බවය. ‍එසේ සිදු නොවීමට නම් නිලවරණය පැවැත්වීමේ වගකීම 2017 වසරේදී පත්වූ සම්මේලනය වෙත පවරා දිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.  

කෙසේ වුවත් ඊට පිලිතුරු දෙමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහාතා පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්ථාවර තීරණයක සිටින බැවින් දුෂිතයන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට තම සම්මේලනය කිසිදු ඉඩක් නොදෙන බවය. තහනමට ලක්වුවහොත් ජාතික කොඩිය නොමැතිව සුදු කොඩියක් යටතේ වුවද ජාත්‍යන්තර තරග ක්‍රීඩකයන් සහභාගි කරවන බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත.  

ලේකම්වරයාගේ එම ප්‍රකාශයත් සමග, ඊට විරෝධය දක්වමින්, ඉහත සඳහන් කළ ක්‍රීඩා සමාජ 10 නියෝජනය කරමින් විශේෂ මහ සභා රැස්වීමට සහභාගී වූ නිලධාරීන්, එතැනින් ඉවත්ව ගොස් තිබේ. ඔවුන් පිටත්ව යෑමෙන් පසුවද සභාවේ කටයුතු ඉදිරියට පැවැත්වී තිබේ.

- 040


අදහස් (0)

විශේෂ මහ සභා රැස්වීමෙන් 10 ක් නැගිට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.