Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වීරයන්ගේ හටනේ ජය රේවත විදුහලට

වීරයන්ගේ හටනේ ජය රේවත විදුහලට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය සිද්ධාර්ථ විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර සිද්ධාර්ථ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති 32 වැනි ‘වීරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට රේවත විදුහල අද (24 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක ඉලක්කයක් හඹාගිය රේවත විදුහල් ක්‍රීඩකයෝ ඕවර 6.3 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්හ.

ලකුණු 97 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සිද්ධාර්ථ විදුහලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මධුෂංක සහ චාමර ප්‍රියදර්ශන කඩුලු 4 බැගින් බිඳහෙළමින් සිද්ධාර්ථ විදුහල් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටි රේවත විදුහල් කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 91 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා සිද්ධාර්ථ විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිද්ධාර්ථ විදුහලේ පළමු ඉනිම ලකුණු 102 කට සීමා කිරීමට රේවත විදුහල් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රමේෂ් මධුෂංක ලකුණු 31 කට කඩුලු 5 ක් බිඳහෙළීය.

 

සිද්ධාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 102
(දිලුෂ්ක මධුෂංක 33, රමේෂ් මධුෂංක 31/5, චාමර ප්‍රියදර්ශන 30/3)

රේවත විදුහල පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 ක් දැවී 199
(චාමර දනසංඛ නොදැවී 30, නවිඳු පැහැසර 32, චාමර ප්‍රියදර්ෂන නොදැවී 31, සහන් සංකල්ප 28, නදීෂ විරාජ් 46/5)

සිද්ධාර්ථ විදුහල දෙවැනි ඉනිම - ඕවර 29.2 කදී සියලු දෙනා දැවී 120
(මියුරු දිල්ෂාන් 52, කවිඳු කල්හාර 20, රමේෂ් මධුෂංක 14/4, චාමර ප්‍රියදර්ශන 28/4, උදේෂ් කුමාර 13/2)

රේවත විදුහල දෙවැනි ඉනිම - ඕවර 6.3 කදී කිසිවකු නොදැවී 24


-036

 


අදහස් (0)

වීරයන්ගේ හටනේ ජය රේවත විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.