Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ වූෂු ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු නැංවීම සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් (40705000) ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අතර මුදල් ප්‍රදානය කිරීම සඳහා වන ගිවිසුම් ගතවීමේ අවස්ථාවට සහභාගී වූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ දේශීය වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු පවත්වාගෙන යාම සඳහා පුහුණු මධ්‍යස්ථානයක්ද ලබාදීමට සැළසුම් කර තිබෙන බවයි.
මහේල ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව රටේ වුෂු ක්‍රීඩාවේ උන්නතිය සඳහා මෙම අරමුදල් නිර්දේශ කර තිබේ.
එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා හා ශ්‍රී ලංකා වුෂු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති මානෙල් ධර්මකීර්ති මහතා අරමුදල් ප්‍රදානය කෙරෙන ගිවිසුම සඳහා දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබූහ.
මේ අවස්ථාවට සහභාගී වූ ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ එළඹෙන වසරේදී සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි වයස 23න් පහළ ජාතික තරගාවලියක් බැගින් පැවත්වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් වෙත උපදෙස් ලබාදී තිබෙන බවයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.