Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වූෂූ පුහුණු පාඨමාලාව හෙට සිට

වූෂූ පුහුණු පාඨමාලාව හෙට සිට

editorial - 2023 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික සහ පාසල් වූෂූ පුහුණුකරුවන් සඳහා ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පුහුණු පාඨමාලාව, හෙට (05 වැනිදා) ආරම්භ වේ. මෙම පාඨමාලාව හෙට සිට 08 වැනිදා දක්වා කොට්ටාව ‘වී කෙත’ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි. 

පුහුණුකරුවන් වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙනා මෙම වූෂූ පුහුණු පාඨමාලාවට සහභාගි වී නියමිත සහතික පත්‍රය ලබාගත යුතු බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය නිවේදනය කරයි. 

මෙම පුහුණුව අවසානයේදී ‘සන්දා’ සහ ‘තාඕලු’ යන අංශ සඳහා සහතිකපත්‍රයක් සහ පුහුණු කිරීමේ බලපත්‍රයක් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විසින් නිකුත් කරනු ඇත. ඉදිරි වසර දෙකක කාලයේදී ක්‍රීඩා සමාජ සහ පාසල් වෙනුවෙන් පුහුණුකරුවන් වශයෙන් කටයුතු කිරීමට මෙම සහතිකය සහ බලපත්‍රය අත්‍යවශ්‍ය වන බව ද වූෂූ සම්මේලනය කියයි. 

ශ්‍රී ලංකාවේ සියලුම දේශීය තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කළ හැක්කේ මෙම සහතිකය සහ බලපත්‍රය ඇති පුහුණුකරුවන්ට පමණක් බවත්, ලබන වසරේදී පැවැත්වෙන අන්තර්ජාතික පුහුණු පාඨමාලා හැදෑරීමට තෝරාගනු ලබන්නේ මෙම පාඨමාලාව හැදෑරූ අය පමණක් බවත් වූෂූ සම්මේලනය වැඩිදුරටත් කියා සිටී. අන්තර්ජාතික වූෂූ පුහුණු පාඨමාලා දෙකක්, ලබන වසරේදී චීනයේදී සහ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු පාඨමාලාව සඳහා දුරකතන අංක 0707-500035 යන දුරකතන අංකය ඔස්සේ විස්තර ලබාගත හැකිය.  

වූෂූ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති සහ ශ්‍රී ලංකා පාසල් වූෂූ සංගමයේ සභාපතිවරයා ද වන විදුහල්පති සමන් මංජුල යන මහත්වරු සහභාගි වෙති. 

- 213 


අදහස් (0)

වූෂූ පුහුණු පාඨමාලාව හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.