Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ කබඩි ජාතික තේරීම් 23 වැනිදා

වෙරළ කබඩි ජාතික තේරීම් 23 වැනිදා

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර කබඩි සම්මේලනය පළමු වරට පැවැත්වීමට සැළසුම් කර ඇති ලෝක ශූරතා වෙරළ කබඩි තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා මෙම මස 23 වැනිදා තේරීම් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ මෙහෙයවීම යටතේ මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී එදින  පෙරවරු 7.30 සිට තේරීම් පරීක්ෂණය පැවැත්වෙනු ඇත. තේරීම් පරීක්ෂණයෙන් ජාතික පිරිමි සංචිතය සඳහා තෝරාගන්නා ක්‍රීඩකයන් නේවාසික පුහුණුවීම් සඳහා යොමු කරවීමෙන් අනතුරුව ලෝක ශූරතා තරගාවලියට සහභාගි කරවීමට නියමිතය. 

එදින පෙරවරු 7.30 සිට 9.00 දක්වා ක්‍රීඩකයන්ගේ බර කිරීම සහ ලියාපදිංචි කටයුතු සිදු කෙරෙන බවත්, නියමිත වේලාවෙන් පසුව කිසිදු ක්‍රීඩකයකු තේරීම් කටයුතු සඳහා ඇතුළත් කර නොගන්නා බවත් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය නිවේදනය කළේය. 

ලෝක ශූරතා පිරිමි කබඩි තරගාවලිය සැප්තැම්බර් මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉරාණයේදී පැවැත්වීමට නියමිතය. 

-036 


අදහස් (0)

වෙරළ කබඩි ජාතික තේරීම් 23 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.