Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වේග රිද්ම - අධි වේගී චෙස් තරග 17 - 18

වේග රිද්ම - අධි වේගී චෙස් තරග 17 - 18

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජාතික වේග රිද්ම  (Rapid) සහ  අධි වේගී (Blitz) චෙස් තරගාවලි සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේදී පැවැත්වේ. මෙම තරගාවලි දෙකම කාන්තා සහ පිරිමි යන අංශ දෙකින්ම පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මේ තරගාවලි දෙකම එම සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .

මේ තරගාවලි දෙකෙන් පළමුව පැවැත්වෙනුයේ වේග රිද්ම  (Rapid) චෙස් තරගාවලිය වේ. එය සැප්තැම්බර් මස 17 වැනිදා පැවැත්වෙන අතර තරග වට හතකින් සමන්විතය .

සැප්තැම්බර් මස 18 වැනිදා අධි වේගී (Blitz) චෙස් තරගාවලිය පැවැත්වෙන අතර එම තරගාවලිය තරග වට හයකින් සමන්විතය .

මේ තරගාවලි දෙකේම ජයග්‍රාහක, ජයග්‍රහිකාවන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනැමේ.


අදහස් (0)

වේග රිද්ම - අධි වේගී චෙස් තරග 17 - 18

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.