Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුව ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති ජාතික කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කී‍්‍රඩිකාවෝ සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස වයඹ පළාත් කණ්ඩායම පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පළමු සහ දෙවැනි වට 26/24 ක් සහ 25/23 ක් ලෙස ජයගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. තෙවැනි සහ සිව්වැනි වට ලකුණු 25/23 ක් සහ 25/15 ක් ලෙස ජයගැනීමට වයඹ පළාත් කණ්ඩායම සමත් වූයෙන් තරගය පස්වැනි වටය කරාත් ඇදී ගියේය.
කෙසේ වුවත් දෙපිලටම තීර්ණාත්මක වූ අවසන් වටය ජයගත් බස්නාහිර පළාත් කණ්ඩායම වට 3-2 ක් ලෙස තරගාවලියේ ශූරතාව හිමිකරගත්තේය.
අවසන් පූර්ව වටයේදී තරග වට 3-0 ක් ලෙස දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් බස්නාහිර පළාත් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර වයඹ පළාත් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 3-0 ක් ලෙස සබරගමුව පළාත් කණ්ඩායම පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් තරග වට 3-0 ක ජයක් අත්කර ගැනීමට සබරගමුව පළාත් කණ්ඩායම සමත් විය.
පී. චමරිකා, ඒ. පෙරේරා, කේ ගුණසිංහ, ඞී. අතුකෝරල, කේ. පෙරේරා, එස්. සෙනරත්, ඩබ්ලිව්. පීරිස්, බී. මඳුරංග, ඒ. පි‍්‍රයදර්ශනී, ඞී. කෞෂල්‍යා, ආර්. සෙව්වන්දි සහ අයි. සෙව්වන්දි යන කී‍්‍රඩිකාවෝ බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනය කළහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.