Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වොලිබෝල් ක්‍රීඩිකාවන් 7 කට කොරෝනා

වොලිබෝල් ක්‍රීඩිකාවන් 7 කට කොරෝනා

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘ඩකා’ නුවරදී අනිද්දා (23) ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාවට තෝරාගනු ලැබ සිටි ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හත් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් ඒ වෙනුවට පුහුණු සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවන් පිරිසක් ‘ඩකා’ නුවරට යොමු කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ. 

තරග මාලාවට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් දිවයිනෙන් පිටත්වීමට පැය 48කට පෙර කළ ප්‍රතිදේහජනක පරීක්‍ෂාවේදී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන තිබේ. 

මෙම තත්ත්වය තුළ ඊයේ (20 වැනිදා) ‘ඩකා’ නුවර බලා පිටත්ව ගිය සංචාරක ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායම ක්‍රීඩිකාවන් හත් දෙනකුට පමණක් සීමා විය. ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම සඳහා අතිරේක ක්‍රීඩිකාවෝ පිරිස  ‘ඩකා’ නුවර බලා අද පිටත්ව යාමට සූදානම්ව සිටියහ. 

පසුගිය ඔක්තෝබර් මාසයේ ජපානයේ පැවැති ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූයේ ද ජාතික වොලිබෝල් පුහුණු සංචිතයේ නේවාසිකව සිටි ක්‍රීඩකයන් බහුතරයක් කොවිඩ් හා ඩෙංගු උණ ආසාදිතයන් බවට පත්වූ බැවිනි. ඒ හේතුවෙන් එම තරග සංචාරය අවසන් මොහොතේ අත්හැර දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කළේය. 

ගාල්ල දඩැල්ලේ ජාතික වොලිබෝල් පියසේ හා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ පිටිය කේන්ද්‍ර කරගනිමින් ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි පුහුණු සංචිත පසුගිය දිනවල ක්‍රියාත්මක විය.

 


අදහස් (0)

වොලිබෝල් ක්‍රීඩිකාවන් 7 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.