Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා - ග්වැන්ෂෝ මිත්‍රත්ව පාපැදි සවාරිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - ග්වැන්ෂෝ මිත්‍රත්ව පාපැදි සවාරිය අද ඇරඹේ

editorial - 2024 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීනයේ ග්වැන්ෂෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා - ග්වැන්ෂෝ මිත්‍රත්ව පාපැදි සවාරිය සඳහා සහභාගී වීමට චීන ජාතික පා පැදි ශූරයන් 47 දෙනකු ඊයේ (16) ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම පාපැදි සවාරිය ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 න් පහළ පාපැදි කණ්ඩායම නගා සිටුවීම සදහා සංවිධානය කර ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය තෝරා ගත් වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලාංකික පාපැදි ශූරයන් 11 දෙනකු සමග මෙම චීන ජාතික පා පැදි ශූරයන් අද (17) කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම සවාරිය ආරම්භ කරන අතර එය ගාලු‍ පාර ඔස්සේ ගමන් කරමින්, මෙම 20 වැනිද්‍ා යාල වනෝද්‍යානය අසලින් අවසන් වීමට නියමිතය.

මෙම පාපැදි සවාරියේ අවසන් දිනය වන 20 වැනිදා ශ්‍රී ලාංකික වයස අවුරුදු 19 න් පහළ තෝරා ගත් පාපැදි ශූරයන්ට චීන ජාතික පාපැදි ශූරයන් නවතම පාපැදි 11 ක් පරිත්‍යාග කිරීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකා - ග්වැන්ෂෝ මිත්‍රත්ව පාපැදි සවාරිය අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.