Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා - ජපාන තරගය අද

ශ්‍රී ලංකා - ජපාන තරගය අද

editorial - 2024 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ  මීර්පූර්හිදී  සදුදා (3) නිමාවට පත් වෙන සිවු  වැනි බංගාබන්දු  කුසලාන  කබඩි (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (1) ජපානය සමග මූලික  වටයේ සිය අවසන්  තරගයට සහභාගි වීමට නියමිතය.මෙම  තරගයේ ජයග්‍රහණය  ශ්‍රී  ලංකාවට වඩාත් වැදගත් වන්නේ අවසන්  පූර්ව  වටය කෙරෙහි මේ වන විට ඉතා සුළු අපේක්ෂාවකින් පමණක් පසු වන ඔවුන්ට එය  තීරණාත්මක සාධකයක්  වන බැවිනි.

කෙසේවූවත්  ශ්‍රී  ල‍‍ංකාව  ඒ සදහා ජපානය වැඩි ලකුණු පරතරයකින් අද පරාජයට පත් කළ යුතුය.

මෙම  තරගාවලියේදී  ශ්‍රී  ලංකාව  මේ වන විට උගන්ඩාව ( 38 - 25) හා පෙරේදා (30) ඉරාකය සමග පැවැති තරගය ( 51 - 32) ජය  ගැනීමට සමත් විය. මූලික  වටයේ සෙසු තරග දෙකක් ඒ වන විට  පරාජයට  පත්ව තිබුණි. තිබේ.

කෙන්යාවට ( 56 - 28) හා තායිලන්තයට ( 41 -17) එරෙහිව ශ්‍රී  ලංකාව  ඊයේ වන විට පරාජයට පත්ව සිටි  එම තරග දෙකයි.

රටවල් 12  ක් කාණ්ඩ දෙකක් යටතේ මෙහි මූලික වටයේ මෙතෙක් තරග වැදීමේදී බී කාණ්ඩයේ ඊයේ වන විට ශ්‍රී ල‍‍ංකාව ප්‍රසාද ලකුණු  සටහනේ පසුවූයේ ඉරාකය හා සම ලකුණු  ලබමින් (ලකුණු හතර බැගින්) සිවු වැනි ස්ථානයේය.

මූලික වටයේ  ඊයේ  වන විට ප්‍රසාද ලකුණු සටහනට අනුව ‘ඒ’ කාණ්ඩයෙන් සත්කාරක බංග්ලාදේශය හා නේපාලයද ‘බී’ කාණ්ඩයෙන්  තායිලන්තය හා කෙන්යාවද ඉරිදා (2) පැවැත්වෙන  තරගාවලියේ අවසන්  පූර්ව  වටය සදහා වඩාත් විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගොස් තිබුණි.

අවසන්  මහ තරගය සදුදා (3) පැවැත්වීමට  නියමිතය. බංග්ලාදේශ ජාතික  කබඩි සම්මේලනයේ  අනුග්‍රහයෙන් ශ්‍රී  ලංකා ජාතික  කබඩි කණ්ඩායමට මෙම  තරග සංචාරය  සදහා වියදම් ලැබී තිබුණි.

මෙතෙක්  පවත්වා අවසන්  කර තිබෙන  තරගාවලි තුනේම ශූරතා දිනා ගැනීමට (2021 - 22 - 23) සමත්ව සිටින්නේද සත්කාරක බංගලාදේශය විසිනි.

ශ්‍රී  ලංකාව ජය ගත් ඉරාකයට එරෙහිව තරගයේ වීරයා ලෙස ශ්‍රී  ල‍‍ංකා  ක්‍රීඩක මිලින්ද චතුරංගද හා උගන්ඩාවට එරෙහිව  ජය ගත් තරගයේ වීරයා ලෙස ඩි. එම්.එස්.දිසානායකද  සම්මාන ලැබුහ.

ඒ වෙනුවෙන්  ඔවුන්ට බංග්ලාදේශ ටකා 15000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 38000 කට වැඩි මුදලක් බැගින් ප්‍රදානය කෙරුණි.

2023 තරගාවලියේදී  ශ්‍රී ලංකාව අවසන්  පූර්ව  වටයට පිවිසීමට අපොහොසත් විය. එහිදී මූලික වටයේදී  මලයාසියාව , චීන - තායිපේ,  හා ඉන්දුනීසියාව යන රටවල් තුනකට එරෙහිව  ශ්‍රී  ලංකාව ජය වාර්තා කර සිටියේය. තායිලන්තයට හා කෙන්යාවට පරාජය  විය.


අදහස් (0)

ශ්‍රී ලංකා - ජපාන තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.