Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා - ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය 13 දා සිට

ශ්‍රී ලංකා - ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය 13 දා සිට

ශනුක අරවින්ද - 2019 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා ඩර්බන්හි කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

එම තරගයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තවත් ටෙස්ට් තරගයකට, එක්දින තරග 5 කට සහ විස්සයි20 තරග 3 කටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතය.

එක්දින තරග 5 න් 3 ක් දිවා-රාත්‍රී තරග ලෙසත්, විස්සයි20 තරග 3 න් 2 ක් රාත්‍රී තරග ලෙසත් පැවැත්වෙන අතර සෙසු එක්දින තරග 2 සහ විස්සයි20 තරගය දිවා තරග ලෙස පැවැත්වේ.

තරග කාල සටහන

ටෙස්ට් තරගාවලිය
පළමු ටෙස්ට් තරගය - පෙබරවාරි 13 සිට 17 දක්වා - ඩර්බන්හිදී
දෙවැනි ටෙස්ට් තරගය - පෙබරවාරි 21 සිට 25 දක්වා - පෝට් එලිසබෙත්හිදී

එක්දින තරගාවලිය
පළමු එක්දින තරගය - මාර්තු 3 වැනිදා - ජොහැන්නස්බර්ග්හිදී
දෙවැනි එක්දින තරගය - මාර්තු 6 වැනිදා - සෙන්චූරියන්හිදී (දිවා-රාත්‍රී)
තෙවැනි එක්දින තරගය - මාර්තු 10 වැනිදා - ඩර්බන්හිදී
සිවුවැනි එක්දින තරගය - මාර්තු 13 වැනිදා - පෝට් එලිසබෙත්හිදී (දිවා-රාත්‍රී)
පස්වැනි එක්දින තරගය - මාර්තු 16 වැනිදා - කේප් ටවුන්හිදී (දිවා-රාත්‍රී)

විස්සයි20 තරගාවලිය
පළමු විස්සයි20 තරගය - මාර්තු 19 වැනිදා - කේප් ටවුන්හිදී (රාත්‍රී)
දෙවැනි විස්සයි20 තරගය - මාර්තු 22 වැනිදා - සෙන්චූරියන්හිදී (රාත්‍රී)
තෙවැනි විස්සයි20 තරගය - මාර්තු 24 වැනිදා - ජොහැන්නස්බර්ග්හිදී

-036

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.