Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ සකායිහිදී රටවල් 25 කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාභාගිත්වයෙන් පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත්හ.
මෙම තරගාවලිය සඳහා කෑගල්ල ටයිකොන්ඩෝ ඇකඩමියෙන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර ඉන් තරගකරුවන් 13 දෙනකු තරග වැදී පදක්කම් දිනාගත්හ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ අනුමැතිය යටතේ පුහුණුකරුවන් ලෙසින් ජනක හේවාවිතාරණසහ චමින්ද කුමාර යන මහත්වරු සහභාගි වූහ.
රන් පදක්කම් දිනුවෝ
ඕෂධ ඉලුක්පිටිය, පුල්හාරා ලියනගේ සහ තුසරජිත් අම්පිටියාවත්ත
රිදී පදක්කම් දිනුවෝ
විශ්මි රාජපක්ශ සහ සදෙව් සුලක්ශන
ලෝකඩ පදක්කම් දිනුවෝ
චමින්ද කුමාර, පුබුදු අත්තනායක සහ චතුනි වෛද්‍යරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.