දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුල් දිනයේදී දස්කම් දක්වති
(ශානුක අරවින්ද)
දකුණු ආසියානු මේසපන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියේ පළමු දිනය වූ අද (26 වැනිදා) පෙරවරුවේ පැවැති මූලික වටයේ තරග 4 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකවෝ සමත් වූහ.
එහිදී වයස අවුරුදු 19 න් පහළ බාලිකා ඉසව්වේදී තරග වට 3-2 කින් මාලදිවයින පරාජය කිරීමටත්, වයස අවුරුදු 15 න් පහළ බාලිකා ඉසව්වේදී තරග වට 3-0 කින් බංග්ලාදේශය පරාජය කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වයස අවුරුදු 15 න් පහළ බාලක ඉසව්වේදී තරග 3-0 ක් ලෙස පාකිස්තානය සහ මාලදිවයින පරාජය කීරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ බාලක කණ්ඩායම කිසිදු තරගයකට සහභාගි නොවීය.
අදියර දෙකකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු අදියරේදී අවුරුදු 19 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා ලෙස කණ්ඩායම් තරග පැවැත්වේ. එහි එක් කණ්ඩායම් තරගයක් කේවල තරග 5 කින් සමන්විත වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවල්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙම මස 29 වැනිදා දක්වා මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මුල් දින පෙරවරුවේ තරග ප්‍රතිඵල
වයස 19 න් පහළ බාලිකා
■ ශ්‍රී ලංකාව තරග 3-2 කින් මාලදිවයින පරාජය කරන ලදි.
■ ඉන්දියාව තරග 3-0 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
■ නේපාලය තරග 3-2 කින් මාලදිවයින පරාජය කරන ලදි.
■ ඉන්දියාව තරග 3-0 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
වයස 19 න් පහළ බාලක
■ බංග්ලාදේශය තරග 3-0 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
■ නේපාලය තරග 3-0 කින් මාලදිවයින පරාජය කරන ලදි.
වයස 15 න් පහළ බාලිකා
■ ශ්‍රී ලංකාව තරග 3-0 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
■ ඉන්දියාව තරග 3-0 කින් නේපාලය පරාජය කරන ලදි.
වයස 15 න් පහළ බාලක
■ ශ්‍රී ලංකාව තරග 3-2 කින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
■ ඉන්දියාව තරග 3-2 කින් පාකිස්තානය පරාජය කරන ලදි.
■ ශ්‍රී ලංකාව තරග 3-0 කින් මාලදිවයින පරාජය කරන ලදි.
■ ඉන්දියාව තරග 3-0 කින් නේපාලය පරාජය කරන ලදි.