Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් ස්ථානයෙන් බේරීමේ සටනක
ආසියානු හොකී සම්මේලන කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් ස්ථානයෙන් බේරීමේ සටනක

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු හොකී සම්මේලනය සංවිධානය කරන ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය අවසානයේ ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත් විය. ඒ අනුව ඔවුන්ට දෙවැනි වටයේදී තරගාවලියේ 5 වැනි ස්ථානය හෝ අවසන් ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

එහිදී ඔවුන් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (25 වැනිදා) පස්වරු 1.00 උස්බැකිස්තාන කන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. එම තරගයෙන් ජය ලැබුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිවන අතර පරාජයට පත්වුවහොත් අවසන් ස්ථානය දක්වා පසුබැසීමට සිදුවනු ඇත. 

මෙම තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 8 ක් සහභාගි වීමට නියමිතව තිබුණද, අවසන් මොහොත් කසකස්තාන සහ නේපාල කාන්තා කණ්ඩායම් ඊට එක් නොවීම හේතුවෙන් මූලික වටයේදී කාණ්ඩ දෙකක් යටතේ තරග නොපවත්වා එක් කාණ්ඩයක් යටතේ තරග පැවැත්විණ. 

මූලික වටයේදී හොංකොං රාජ්‍යය හමුවේ ගෝල 5-0 ක් ලෙසත්, සිංගප්පූරුව හමුවේ ගෝල 5-2 ක් ලෙසත්, චීන තායිපේ හමුවේ ගෝල 5-1 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ගෝල 2-2 ක් ලෙස උස්බැකිස්තානයට සහ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරග සමව අවසන් කළහ.  

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා චීන තායිපේ සහ සිංගප්පූරු කාන්තා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටින අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (27 වැනිදා) පස්වරු 3.15 ය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් ස්ථානයෙන් බේරීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.