Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබති

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ආසියානු මේසපන්දු ශූරතාවලියට දකුණු ආසියානු කළාපයේ සුදුස්සන් තේරීම සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනාම අදාල පරිසාදන මට්ටමට පසුකර යෑමට සමත්ව ඇත. ඒ අනුව ඔවුන් ලෝක මේසපන්දු ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ අරමුණින් යුතුව ලබන වසරේ (2023) ජනවාරි මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කටාර්හිදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේදී තරග බිමට පිවිසීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් 6 නියෝජනය කරමින් ක්‍රීඩකයන් 18 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 24 දෙනෙක් සහභාගි වූහ. ප්‍රසාද් ද සිල්වා, නිර්මල ජයසිංහ, බිමන්දි බණ්ඩාර, කසුනි පිටිගල, තමාදි කාවින්ද්‍යා, මනීෂා ශලින්දි සහ ඔනෙලි ලෙහන්සා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 දෙනා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියේදී තරග වැදුණහ.

එහිදී දැක්වූ දස්කම් අනුව ආසියානු ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනා බැගින් තෝරාගනු ලැබූ අතර ප්‍රසාද් 7 වැනියා ලෙසත්, නිර්මල 11 වැනියා ලෙසත් ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලැබූහ. ඊට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් 16 දෙනා අතර බිමන්දි 6 වැනි ස්ථානයටත්, කසුනි 10 වැනි ස්ථානයටත්, තමාදි 11 වැනි ස්ථානයටත්, මනීෂා 13 වැනි ස්ථානයටත්, ඔනෙලි 15 වැනි ස්ථානයටත් පත් වූහ.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා බැගින් සහභාගි කරවීමේ අරමුණින් ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන ජාතික මට්ටමින් තේරීම් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කළද, ඒ සඳහා ඉදිරිපත් වූයේ ක්‍රීඩකයන් දෙදෙනකු සහ ක්‍රීඩිකාවන් 5 දෙනකු පමණක් වූ බැවින් තේරීම් තරගාවලියක් නොපවත්වාම ඔවුන් දකුණු ආසියානු තරගාවලියට සහභාගි කරවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිනි තරින්ද්‍රා වීරකෝන් මෙනවිය ‘ලංකාදීප’යට පැවසුවාය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.