Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා යොවුන් නායකයා යුමෙත්

ශ්‍රී ලංකා යොවුන් නායකයා යුමෙත්

editorial - 2024 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු ආසියානු සුදුසුකම් තේරීමේ පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මෙතික යුමෙත් ජයසිංහට හිමිවී තිබේ. දකුණු ආසියානු කණ්ඩායම් 4 ක් සහභාගි වන සුදුසුකම් තේරීමේ තරගාවලිය මේ මස 10 වැනිදා (අද) සිට 13 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින මෙම තරගාවලියට එක්වෙති.

වයස අවුරුදු 12 සිටම පැසිපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින යුමෙත් ජයසිංහ ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් පැසිපන්දු නායකයාය. උපනායක ඊවන් සේනාරත්න කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
■ 10 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
■ 11 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර
■ 12 වැනිදා - පස්වරු 6.30 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර

 
 
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු කණ්ඩායම 
පසුපෙළ (වමේ සිට)
තාරුක ජයසුන්දර, මෙතික ජයසිංහ (නායක), ඊවන් සේනාරත්න (උපනායක), දෙව්නිල වික්‍රමාරච්චි, සුදම් ලියනගේ, චමිඳු විජේසිංහ, සිහත් කලටුවගේ, රනික් ද සිල්වා, ඒඩි්‍රයන් විජේවර්ධන සහ දහන් විද්‍යාරත්න
 
ඉදිරිපෙළ (වමේ සිට)
ඩියොන් තේවකුමාර්, තීක්‍ෂණ ෆර්ඩිනැන්ඩෝ, ඩැරන් බර්නාඞ්, දිලුක් සමරවික්‍රම, නේතන් ජයසේකර, ජූඞ් ආකාශ්, 

අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් නායකයා යුමෙත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.