Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ඩුබායිහි දී පැවැති අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම අවසන්පූර්ව වටයේදී පාකිස්තානය හමුවේ පරාජය විය. අවසන් පූර්ව වටයේ ලකුණු තත්ත්වය 3:0 ලෙසින් සටහන් විය.
පළමු වටයේ තරග 3 න් තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනිදා පැවැති පළමු කාර් තුවේ තරගය සඳහා සුදුසුකම් ලැබීය.
බංගලාදේශය පරාජය කරමින් ජයගත් ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී 1:0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය. එහෙත් අවසන් පූර්ව වටයේදී පාකිස්තානුවන් හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා පිලේ ගමන එතැනින් නතර විය.
අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ අවසන් තරගය පක්ස්ථානය හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවැත්විණ. එහිදී ජයගත් පකිස්ථානය තරගාවලියේ ජය තමන් සතු කරගත්තේය.
අවසන් කණ්ඩායම් 4 දක්වා පැමිණිමට හැකිවීම සතුටක් බවත් ජාත්‍යන්තර තරගාවලිය තුල ක්‍රීඩක දක්ෂතා ඉස්මතු කළ බවත් ජාත්‍යන්තර තරගය කණ්ඩායමට අත්දැකීම් ගොන්නක් සමග ශක්තිමත් අඩිතාලමක් දැමූ බව කණ්ඩායම් කළමණාකාර තීක්ෂණ ගම්මන්පිල මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.