Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව පදක්කම් 5 ක් දිනයි
ලෝක පාසල් චෙස් ශූරතාවලිය

ශ්‍රී ලංකාව පදක්කම් 5 ක් දිනයි

editorial - 2024 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

පේරු රාජ්‍යයේදී පැවැත්වෙන 2024 ලෝක පාසල් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් හිමිවී තිබේ.

රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඒ.ඒ.සෙනුත් තෙව්සස් පෙරේරා ක්‍රීඩකයින් 35 දෙනෙක් අභිබවමින්, ලෝක පාසල් අධිවේගී චෙස් තරගාවලියේ අවුරුදු 9 න් පහළ විවෘත ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. වේගී අංශයේ අවුරුදු 09න් පහළ විවෘත තරගාවලියේ ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සෙනුත් තෙව්සස් පෙරේරා සමත්විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ නවිඳු බණ්ඩාර අවුරුදු 7න් පහළ විවෘත වේගී චෙස් ඉසව්වේ ක්‍රීඩකයින් 24 දෙනෙකු අතුරින් ලෝකඩ පදක්කම දිනාගත් අතර, මාළඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ එම්.ඩී. විනුති සියංසා මීගොඩ අවුරුදු 7න් පහළ බාලිකා වේගී ඉසව්වේ ක්‍රීඩිකාවන් 11 දෙනෙකු අතුරින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

ලෝක චෙස් සම්මේලනය වෙනුවෙන් පේරු චෙස් ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන මෙම චෙස් ශූරතාවලියට රටවල් 26 කින් චෙස් ක්‍රීඩකාවෝ 1200 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වෙති. 

වයස් කාණ්ඩ සහ  විවෘත හා බාලිකා වශයෙන් තරගාවලිය ඉසව් 12ක් යටතේ මෙන්ම සම්මත, වේගී සහ අධිවේගී වශයෙන් ක්‍රියාත්මක වේ. 2024 ලෝක පාසල් චෙස් ශූරතාවලියේ සම්මත තරගාවලිය  මේ මස 10 දින අවසන්වීමට නියමිතව ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාව පදක්කම් 5 ක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.