Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සිංගප්පූරුවේ දී පැවැත්වෙන සිවුකොන් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඊයේ (27) සත්කාරක සිංගප්පූරුවට එරෙහිව තරග වදිමින් ලකුණු 65-54ක පරාජයක් ලැබීය.
වට හතරෙදීම එහිදී සිංගප්පූරුව පෙරමුණ ගනිමින් මෙම තරගය ජයගත් අතර එහිදී විශේෂත්වය වන්නේ 2022 සිංගප්පුරුව පරදා ආසියානු කුසලාන දිනා ගත් ශ්‍රී ලංකාව අනතුරුව ඔවුන් සමග පැවැති තරග තුනකදීම පරාජය ලැබීමයි.
මෙම තරගාවලියේ දී කුක්(අයිලන්ඩ්) දූපත් සමග තරගය පමණක් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව අද (28) තරගාවලිය නිමාවට පත්වන දිනයේදී පස් වැනි ස්ථානය තේරීමේ ශ්‍රේණිගත තරගයට සහභාගිවීමට නියමිතය. තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිංගප්පුරු ‘ඒ’ කාණ්ඩායමට ද පරාජය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.