Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට ආසියානු රිදී පදක්කම් දෙකක්: ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට ආසියානු රිදී පදක්කම් දෙකක්: ලෝකඩ පදක්කමක්

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මොන්ගෝලියාවේ උලන්බටාර් නුවරදී නිමාවට පත්වූ 57 වැනි ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියේදී ශ්‍රී  ලංකාව රිදී  පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

ඒ සඳහා  ක්‍රීඩකයන් හය දෙනෙකු  හා එක් ක්‍රීඩිකාවකගෙන් සමන්විත  ශ්‍රී  ලංකා කණ්ඩායමක් සහභාගි විය.රටවල් 22 ක් මෙම  තරගාවලියට සහභාගි වූහ. ක්‍රීඩා අමාත්‍යාංශය ඔවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර  ලබාදීමෙන් තරග සංචාරයට අනුග්‍රහය දැක්වීය.

මෙහිදී  වයස 40 ට වැඩි ප්‍රවීනයන්ගේ ඉසව්වෙන් ශ්‍රී  ලංකා ක්‍රීඩක කමල් දේශප්‍රිය මායාදුන්නේ රිදී  පදක්කමක් හිමි කර ගත්තේය.ශ්‍රී ලංකා ක්‍රීඩක නිපුණ ලක්ෂාන් ශ්‍රී  ලංකාවට තරගාවලියේදී  දෙවැනි  රිදී  පදක්කම  දිනා දුන්නේ කිලෝග්‍රෑම් 75 බර පංතියෙනි.

තෙවැනි රිදී  පදක්කම ශ්‍රී  ලංකාවට අත් කර දුන්නේ මස්කියුල් හෙවත් මාංශපේෂි ප්‍රදර්ශන -  සෙන්ටිමීටර් 168 ට උස අඩු ඉසව්වෙන් රංග ද සිල්වා විසිනි.

කිලෝග්‍රෑම් 75 බර පංතියේ  ඉසව්වට තරග වැදුණු  ප්‍රවීණයන්ගේ  ඉසව්වේ රිදී  පදක්කම්ලාභී  කමල් දේශප්‍රිය හය වැනි ස්ථානයත් ශ්‍රී  ලංකා ක්‍රීඩක ආර්.ඒ.පී.ඩී. රාජපක්ෂ පස් වැනි ස්ථානයත් ලැබූහ.

මේ අතර උලන්බටාර් නුවරදී  ශ්‍රී  ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් ශ්‍රී  ලංකා ක්‍රීඩකයා වූයේ කිලෝග්‍රෑම්  60 බර පංතියෙන් උපුල් තුෂාර රත්නායකයි.

කේෂාණි පෙරේරා ශ්‍රී  ලංකාවෙන් මෙම  තරගාවලියට  සහභාගි වූ එකම ක්‍රීඩිකාවයි. මාංශපේෂි  ප්‍රදර්ශන (කාන්තා) ඉසව්වට ඉදිරිපත් වූවාය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ආසියානු රිදී පදක්කම් දෙකක්: ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.