Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බංග්ලාදේශයේ ‘‘ඩකා’’ නුවරදී රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වූ ‘‘බන්ගබන්දු’’ කුසලාන අන්තර් ජාතික කබඩි (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව මලයාසියාවට හා එංගලන්තයට එරෙහිව මූලික වටයේදී තරග දෙකක් ජය ගැනීමට සමත් විය.
එහිදී මලයාසියාවට එරෙහිව ඊයේ (19) පැවැති තරගයකදී ලකුණු 53-26 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාර්තා කළහ. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ඊයේ (20) දෙවැනි ජය අත්කර ගත්තේ ලකුණු 44-19 කටය.
හෙට (21) ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශයට එරෙහිව මූලික වටයේ තෙවැනි (අවසන්) තරගයට සහභාගි වේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීම තුළ 23 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට දැනටමත් නිර්දේශ තහවුරු කරගෙන තිබුණි.
සත්කාරක බංග්ලාදේශය ඇතුළුව ශ්‍රී ලංකාව මලයාසියාව හා එංගලන්තය තරගාවලියේ මූලික වටයේදී ‘‘ඒ’’ කාණ්ඩය නියෝජනය කරයි. ‘‘බී’’ කාන්ඩයේ මූලික වටයේ තරග වදින්නේ කෙන්යාව, නේපාලය, ඉන්දුනීසියාව හා ඉරාකයයි.
පසුගිය ජනවාරි 8 වැනිදා සිට ජාතික කබඩි (පිරිමි) සංචිතයේ පුහුණුවීම්වලින් ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන් ඉවත්ව සිටින තත්ත්වයක් තුළ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණ සඳහා වඩාත් වටිනාකමක් ලැබෙන බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.
මෙම තත්ත්වය තුළ උතුරු - නැගෙනහිර දෙපළාතෙන්, පුහුණු සංචිතයට නිර්දේශ ලැබූ ක්‍රීඩකයන් බහුතරයකට ‘‘බන්ගබන්දු’’ තරග සංචාර සඳහා ඉඩකඩ විවරවුණු බවත් ක්‍රීඩකයන් දෙදෙනකු හැරෙන්නට තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සියළු දෙනා මීට පෙර ජාත්‍යන්තර තරගාවලියක අත්දැකීම් නොලැබූ නවක ක්‍රීඩකයන් බන් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
මලයාසියාව එරෙහිව පැවැති පෙරේදා තරගයේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ අස්ලම් සාජා විසින්ද එංගලන්තයට එරෙහිව පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය එල්. තනුෂාන් විසින්ද දිනාගන්නා ලදී.
හෙට හා අනිද්දා (21 – 22) මූලික වටයේ තවත් තරග හයක් පැවැත්වීමට ඉතිරිව ඇත. අවසන් මහ තරගය බ්‍රහස්පතින්දා (24) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.