Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවරදී පැවැති ආසියානු වයස 22 න් පහළ බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ උත්පලා සෙව්වන්දි සහ ඉෂාරා මල්ෂානි සමත් වූහ.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 50) බර පංතිය යටතේ තරග වැදුණ උත්පලාට එහි අවසන් මහ තරගයේදී උස්බැකිස්තානයේ සබීනා බොබුකුලෝවා හමුවේ පරාජයට පත්වීම නිසා රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවූවාය.
අවසන් පූර්ව වටයේදී තජිකිස්තානයේ හිකරු ශිනොහාරාට එරෙහිව නිතරග ජයක් ලබමින් උත්පලා අවසන් මහ තරගයට පිවිසි අතර සබීනා අවසන් මහ තරගයට පිවිසියේ මොංගෝලියාවේ ඇල්ටන්බයෙක් කුලාන් පරාජය කරමිනි.
ෆ්ලයි බර පංතිය යටතේ තරග වැදුණ ඉෂාරාට එහි අවසන් පූර්ව තරගයකදී ජපානයේ රින්කා කිනොෂිතා හමුවේ පරාජය වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය. කෙසේ වුවත් අවසන් පූර්ව වටයට පිවිසීම හේතුවෙන් ඇයට ලෝකඩ පදක්කමක් හිමිවිය.
මෙම තරගාවලිය සඳහා රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 109 දෙනෙක් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6 කි. කෙසේ වුවත් උත්පලා සහ ඉෂාරා හැරුණුකොට සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනාගැනීමට අසමත් වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.