Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී. කේ. ජී. කපිල)
ඕස්ට්‍රේලියාවේදී පැවති 2025 ආසියානු - පැසිපික් සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්හ. මෙම තරගාවලිය ආසියා - පැසිපික් කලාපයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පවත්වා තිබුණි .
එහිදී කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක, කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේ තරග කළ විකුම් පෙරේරා සහ කිලෝ ග්‍රෑම් 94 කනිෂ්ඨ අංශයෙන් තරග කළ මිනුර ගිම්හාන රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි . ඊට අමතරව කිලෝ ග්‍රෑම් 94 ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කළ මිනුර ගිම්හාන එම අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය.
ඕස්ට්‍රේලියාවේ පදිංච් වී සිටින ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක යුවළක් වන රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් දෙදෙනාත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වී තිබුණි . එහිදී වයස අවුරුදු 50 ට වැඩි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ රුවන් පෝල් සහ කිලෝ ග්‍රෑම් 100 බර පංතිය යටතේ වයස අවුරුදු 50 ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ ලීඩියා පෝල් ද රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .
රන්සිළු ජයතිලක , විකුම් පෙරේරා සහ මිනුර ගිම්හාන තිදෙනාම සඳුදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ පවුල් වල නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ජායාරූපය :- වමේ සිට දකුණට
විකුම් පෙරේරා , රන්සිළු ජයතිලක සහ මිනුර ගිම්හාන...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.