Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

editorial - 2024 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සසෙන් චමුදිත  තිසරින්දු ඉදුවර

 

(කරන්දෙණිය එම්සුසිල් ප්‍රියන්ත) 

හත් වැනි බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේ පැවැති රැපිඩ් චෙස් තරග වලදී තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් දෙකක් සහ රිදී හා ලෝකඩ පදක්කම්  තුනක් බැගින් දිනාගත්හග ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 8 කි. 
 
කොළඹ රාජකීය විද්‍යාලයේ තිසරින්දු ඉඳුවර සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ චමුදිත සසේන් බණ්ඩාර රන් පදක්කම් දිනාගත්හ. 
 
වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ එලීෂා ප්‍රනාන්දු වික්‍රමසිංහල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ  දුලින් තෙමුල් අඹගහවත්ත සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ දෙව්හරා සෙතුම්ලි පල්ලියගේ රිදී  පදක්කම් දිනාගත්හ. 
 
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එල්ගඑච්ගඑම්ගටීගඅයිග බණ්ඩාරල කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ලොහස්නා රිසලි ජයවීර  සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ දින්සර සිහස් චෙනිත ලෝකඩ පදක්කම් දිනා ගත්හ. 
 
ආසියානු හා ශ්‍රී ලංකා චෙස් සම්මේලන ඒකාබද්ධව සංවිධානය කළ මෙම තරගාවලිය වස්කඩුව සිට්රස් හෝටලයේදී පැවැත්විණග තරගාවලිය වයස 8න් පහළල 10න් පහළල 12න් පහළල 14න් පහළල 16න් පහළල සහ 18 න් පහළ :බාලකරැබාලිකා* අංශ දෙකින්ම පැවැත්වුණි. 
 
ශ්‍රී ලකාව ඇතුලුව රටවල් 11 ක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 369 ක් මෙම තරගාවලියට සහභාගී වූහ. 

අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.