Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට සිව්වැනි ජයත්

ශ්‍රී ලංකාවට සිව්වැනි ජයත්

editorial - 2024 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව විසින් ජපානය ලකුණු 85-18 කින් පරදා බැංගලෝර් නුවරදී පැවැත්වෙන 13 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ පිට පිටම සිව්වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ඊයේ (22) සමත් විය.

ශ්‍රී ලංකාව හා ජපානය අතර මෙම තරගය වට හතරේදීම ලකුණු 17/ 6 - 22/5 - 23/01 සහ 23/06 ක් ලෙස පෙරමුණ ගනිමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ආසියානු කලාපයේ රටවල් 14ක සහභාගිත්වයෙන් තරගාවලිය ලබන ඉරිදා (27) දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව විසින් පිලිපීනය (71-41), සෞදි' අරාබියාව (118-5), ඉන්දියාව (81-31) මීට පෙර පරාජය කිරීමෙන් මේ වනවිට මූලික (ලීග්) වටයේදී ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඔවුහු පෙරමුණේ පසු වෙති.

කෙසේවූවත් ප්‍රබල ප්‍රතිවාදීන් නොවන කණ්ඩායම් හතරක් මේ වන විට පහසුවෙන්ම පරාජයට පත් කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පළමු වතාවට අද (23) ප්‍රබල කණ්ඩායමක් වන මලයාසියාව මුණ ගැසෙමින් තරග වදියි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්වය පිළිබදව යම් තක්සේරුවකට පැමිණිය හැකි තරගයක්ද වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයනී දිසානායක ඊයේ ජපානයට එරෙහිව පැවැති තරගයට සහභාගි වීමත් සමග සිය සිය වැනි (100) ජාත්‍යන්තර දැල්පන්දු' තරගය සම්පූර්ණ කිරීම කැපී පෙණුනි.

මේ අතර අනිද්දා (24) මාලදිවයින සමග ශ්‍රී ලංකාව මූලික වටයේ සිය අඅවසන් තරගයට සහභාගි වේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඊයේ පැවැති තරගයට දැනට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාවක්වන, තිළිණි පෙරේරා ක්‍රීඩා කිරීම කැපී පෙණුනි.

මේ අතර තරගාවලියේ ඊයේ පස් වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මලයාසියාව අපරාජිතව පෙරමුණේ සිටිති.

සිය ඉලක්කය අපරාජිතව අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව නිර්දේශ ලබා ගැනීම බව ඊයේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී දීපි නාලිකා ප්‍රසාදී මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකාවට අද මුණ ගැසෙන මලයාසියාව තරගාවලියේ දෙවරක් ශූරතාව (1985 - 2016) හා දෙවරක්' (1997 - 2005) අනුශූරතාව හා හය වරක් තෙවැනි ස්ථානය අත් කර ගෙන ඇත.

ශ්‍රී ලංකාව කුසලාන දිනා ගත් පසුගිය (2022) තරගාවලියේදී ( දෙවැනි වටයේදී) මලයාසියාවට එරෙහිව ලකුණු දෙකක (55 - 53) තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට සිව්වැනි ජයත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.