Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සංජීව ධර්මසේන ටෝකියෝ නුවර සිට..)
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකාරිය වන මැටිල්ඩා කාල්සන් අසුන් මෙහෙයවීමේ තරගය හෙට (03 දා) පැවැත්වේ. මෙම තරගය හෙට ජපානයේ වේලාවෙන් ප.ව. 7.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතය.
එහිදී ඇය 13 වැනි තරගකාරිනිය ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවෝ 70 දෙනෙක් සහභාගි වෙති.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු වැනියා වූයේ 36 හැවිදිරි මැටිල්ඩා කාල්සන්ය. ශ්‍රී ලංකාවේ තවමත් ආධුනික මට්ටමේ තිබෙන ක්‍රීඩාවක් වන තුරඟ තරග අතරේ අසුන් මෙහෙයවීමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් උළෙලකට සහභාගිවන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි.
අසුන් මෙහෙයවීමේ ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වන ආකර්ෂණීය ක්‍රීඩාවක් වුවත්, අනෙකුත් ක්‍රීඩාවන්ට සාපේක්ෂව ජනප්‍රියත්වය ඉතාමත් අඩුය. ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාවට වසර සිය ගණනකට එපිට අතීතයක් ඇතත් අදටත් එය ඉගෙන ගන්නේ ඉතාමත් සුළු පිරිසකි. මෙම ක්‍රීඩාව හැදෑරීමට අධික වියදමක් දැරිය යුතුවන අතර ඊට හුරුවීමද අපහසුය.
කෙසේ නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි මෙවර ඔලිම්පික් උළෙලට අසුන් මෙහෙයවීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැටිල්ඩා කාල්සන් වරම් හිමිකර ගත්තාය. ‘චොපින්‘ නම් අශ්වයා මෙහෙයවමින් මැටිල්ඩා තරග වදී.
මැටිල්ඩා කාල්සන් ශ්‍රී ලාංකික සම්භවයකින් යුතුවන අතර ඇය හැදී වැඩුණේ ස්වීඩනයේය. ඇය මේ වනවිට දිවි ගෙවන්නේ ජර්මනියේය. මැටිල්ඩාගේ උපන්ගම වන්නේ මහනුවරයි. ඉපදී මාස තුනක් වැනි කෙටි කලකදීම ඇයව ස්වීඩන් ජාතික යුවලක් වෙත පරිත්‍යාග කර තිබේ.
ස්වීඩනයේ හැදී වැඩුනු මැටිල්ඩා, කුඩා කළ සිටම අසුන් පිට යාමට දැඩි සේ ඇලුම් කළාය. ඒ නිසාම ඇය වයසින් මුහුකුරායාමත් සමග වෘත්තීමය තුරග තරග ක්‍රීඩිකාවක් බවට පත්වූවාය.
මැටිල්ඩා ජර්මනියේ, හැම්බර්ග් නගරය කේන්ද්‍ර කරගත් තුරඟ තරග රැසකට සහභාගි වී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් ව සිටී. එමෙන්ම අසුන් පැන්නවීමේ ක්‍රීඩාවේ ලොව ප්‍රධානම තරගාවලියක් ලෙසින් සැලකෙන ග්ලෝබල් චැම්පියන්ස් ලීග් තරගාවලියටද ඇය සහභාගි වී ඇත.
දිනෙන් දින මෙම ක්‍රීඩාවෙන් දැක්වූ නිපුණත්වය නිසාම ඇය ලොව පුරා රටවල් රැසක අසුන් මෙහෙයවීමේ තරග සඳහා ඉදිරිපත් වී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූවාය. ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ මඟ විවර විය.
ඔලිම්පික් උළෙලේ අසුන් මෙහෙයවීමේ ක්‍රීඩාව ප්‍රධාන ඉසව් තුනකින් සමන්විතය. පැනීමේ දස්කම් පෙන්වීම (Show Jumping), අසු හීලෑකර ගැනීම (Dressage), සහ බාධක මතින් අසු මෙහෙයවීම (Eventing) මෙම ඉසව් 3 යි. එය තරගකරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉසව්වකි.
ඔලිම්පික් උළෙල සඳහා අසුන් මෙහෙයවීමේ ක්‍රීඩාවෙන් සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන්නේ අසුන් මෙහෙවීමේ ක්‍රීඩාවේ අන්තර්ජාතික සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය. ඒ හැරෙන්නට ආරාධිත අවස්ථා අනුව අග්නිදිග ආසියාවෙන් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළුව ආසියානු ශාන්තිකර කලාපයෙන්ම එම අවස්ථාව හිමිවන්නේ දෙදෙනෙකුට පමණි.
මෙම කලාප දෙකින්ම පැනීමේ දස්කම් පෙන්වීම (Show Jumping) ඉසව්වට සුදුසුකම් ලබාගත්තේ මැටිල්ඩා සහ චීන තායිපේහි ජැස්මින් සඕ-මන් චෙන් පමණි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූවද මැටිල්ඩා ස්වීඩන් ජාතික කාන්තාවකි. එහෙත් මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් මැටිල්ඩා 2018 වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයත් ලබාගත්තාය. ඇය දැන් ස්වීඩනයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ද්විත්ව පුරවැසි ලාභිනියකි.
ඔලිම්පික් සුදුසුකම් ලැබීමට පෙර ඇය ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 1200 වැනි ඉතා පහළ මට්ටමක පසු වූවත්, මාස 09 ක් වැනි කෙටි කලකදීම ඇයට ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 265 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියාය.
මැටිල්ඩාගේ අසු චොපින් තරගයට පෙර ...
(ඡායාරූප - ජාතික ඔලිම්පික් කමිටුව අනුග්රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.