Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොළඹ කොටුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ලබන ඉරිදා (15 වැනිදා) පැවැත්වෙන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ යතුරුපැදි අංශයේ තරගකරුවන් අතර ශ්රීයාන් සැමුවෙල්ද, මෝටර් රථ අංශයේ තරගකරුවන් අතර ඩිලන්ත මාලගමුවද ඉදිරියෙන් සිටිති.
ඉකුත් වසරේ පැවති තරගාවලියේදී ජයග්‍රහණ ති‍්‍රත්වයක් වාර්ථා කරමින්, නරඹන්නන්ගේ වැඩි අවධානයක් දිනාගත් යතුරුපැදි ධාවකයාවූ ශ්රීයාන් සැමුවෙල්, මෙවර තරගාවලියේ පැවැත්වෙන යතුරුපැදි තරග ඉසව් දෙකටම සහභාගීවීමට සූදානමින් සිටී. මින් පෙර පැවති තරගාවලි දෙකේදීම සුපිරි යතුරුපැදි තරග සඳහා පමණක් සහභාගීවූ ශ්රීයාන්, මේ වසරේදී සුපර් මෝටාඞ් තරගය සඳහාද සහභාගීවන බව ‘කෙළිමඩල‘ කළ විමසීමකදී කියා සිටියේය.
සුපිරි යතුරුපැදි තරගයේදී ශ්රීයාන් සැමුවෙල්ට තරගයක් දිය හැකි තරග කරුවන් අතරේ නෙඞ් ඩැනියෙල් සහ මධුරංග කල්දේරා ඉදිරියෙන්ම සිටින අතර පූර්ණක ප්‍රසාද්, ජෙෆ් ඇන්ඩි්ර චී සහ ජේඞ්න් ගුණවර්ධනද එම ඉසව්වේ කැපීපෙන දස්කම් දක්වා තිබෙන කී‍්‍රඩකයෝ වෙති.
සුපර් මෝටාඞ් තරග ඉසව්වේ, මේ වසරේ ජාතික ශූරයා වන තුසිත ගුණසේකරට එම ඉසව්ව ජයගැනීම සඳහා තම සුපුරුදු සගයන් වන සුරාජ් පෙරේරා සහ නෙඞ් ඩැනියෙල් වැනි ප්රමුඛ පෙළේ තරග කරුවන්ගෙන් එල්ලවන අභියෝගයද සුලූපටු එකක් නොවේ.
තවද වත්මන් මොටෝක්‍රොස් ජාතික ශූරයා වන ගයාන් සඳරුවන්ද සුපර් මෝටාඞ් තරග ඉසව්වට එක්ව සිටින අතර, සුපිරි යතුරුපැදි කී‍්‍රඩක ශ්රීයාන් සැමුවෙල්ද ප්‍රථම වරට ඊට එක්වී සිටීම පේ්රක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ගෙනදෙනු නොඅනුමානය.
ගියවර පැවැති වේගවත්ම මෝටර් රථ ඉසව්ව වූ ජීටී 3 - ජීටී 4 කාණ්ඩයේ මෝටර් රථ තරගය ඉතා විශිෂ්ට ලෙස ජයගත් ඩිලත්ත මාලගමුව මෙවර තරගාවලියට එක්ව සිටින්නේ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ මෝටර් රථ තරගයෙනි. ඊට හේතුවී තිබෙන්නේ ඉකුත් වසරේ ඔහු සහභාගීවූ ජීටී 3 - ජීටී 4 කාණ්ඩයේ මෝටර් රථ තරගය මෙවර තරගාවලියෙන් ඉවත් කර තිබීමයි.
මොටර් රථ අංශයෙදී ඩිලන්ත මාලගමුවට අමතරව ඉදිරියෙන්ම සිටින තවත් කී‍්‍රඩකයකු ලෙස අශාන් සිල්වා හැදින්විය හැකි අතර මේ වසරේ පැවති මෝටර් රථ තරගාවලි වැඩි ප්‍රමාණයකදී දක්ෂතම රියදුරා ලෙස සම්මාන ලැබීමටද ඔහු සමත්විය.
අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් ජයවර්ධන, ඩිලාන් සෙනෙවිරත්න සහ මිස්සක නවීන් යන ප්‍රවීන කී‍්‍රඩකයෝද මෝටර් රථ අංශයේ ඉදිරියෙන් සිටිති.
කොළඹ ගලදාරි හෝටලය ඉදිරිපසින් ආරම්භ වන කිලෝමීටර් 3.3 කින් යුත් තරගාවලියේ ධාවන පථය ලෝටස් මාවත ඔස්සේ පැමිණ, චැතම් වීදිය හරහා ජනාධිපති මාවතට පැමිණ, ගාලූමුවදොර වටරවුමෙන් හරවා ගාලූමුවදොර හෝටලය දක්වා පැමිණ, නැවතත් ගලදාරි හෝටලය කරා පැමිණිමෙන් නිමාවේ.
කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ආසියානු මෝටර් රථ රේසිං සමාජය, ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේදී පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 7 කි. ඊට මෝටර් රථ තරග ඉසව් 5 ක් සහ යතුරු පැදි තරග ඉසව් 2 ක් ඇතුළත් වේ.
ෆෝමියුලා මැක්ලරන්ස් සි.ධා. 1300 (කාබියුරේටර් සහිත), ෆෝමියුලා මැක්ලරන්ස් 4 සි.ධා. 1300 (ඉන්ධන විද්‍යුත් විසිරණ - ඊ. එෆ්. අයි.), එස්. එල්. එච් කාණ්ඩයේ සි. ධා. 1600, එස්. එල්. ජී.ටී. කාණ්ඩයේ සි.ධා. 3500, එස්.එල්.එස් කාණ්ඩයේ සි.ධා. 1500 යන තරග ඉසව් මේ වසරේ පැවැත්වෙන මෝටර් රථ තරග ඉසව් වන අතර සුපර් මෝටාර්ඞ් විවෘත සහ සි.ධා. 250 ට වැඩි 4 ස්ට්‍රොක් විවෘත යන තරග ඉසව් මේ වසරේ පැවැත්වෙන යතුරු පැදි තරග ඉසව් වේ.
ප්‍රථම වරට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ට දැකගැනීම සඳහා ඉන්ෆිනිටි රෙඞ් බුල් රේසිං කී‍්‍රඩක ඩැනියෙල් රිකාඩෝ සහ ඔහුගේ ආර්. බී. 9 ෆෝමියුලා 1 මෝටර් රථය දිවයිනට ගෙන්වා ඇති අතර තරගාවලිය අතරතුර එය ප්‍රදර්ශන සංචාරයක යෙදවීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.