Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා. ජෝන් 210 යි - පානදුර රාජකීය 5/90

ශා. ජෝන් 210 යි - පානදුර රාජකීය 5/90

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ 27 වැනි ‘හරිත සටන’ මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු පහක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.  

ශාන්ත ජෝන් විදුහල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 210 ක් ලබාගත් අතර පානදුර රාජකීයයෝ කඩුලු පහක් අතැතිව තවත් ලකුණු 120 ක් පසු පසින් සිටිති.

ශාන්ත ජෝන් විදුහල ලකුණු 67 කට කඩුලු පහක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියදී දිනුෂ්ක මධුෂාන් (69) සහ නායක ප්‍රවීන් සඳමාල් (61) හයවැනි කඩුල්ලට ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. රාජකීය විදුහල් පිලේ උප නායක දුෂාන් මධුශංක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලු හයක් දවා ගැනීමට සමත් විය.

හෙට (09) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


ශාන්ත ජෝන් විදුහල - පළමු ඉනිම ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 210
(දිනුෂ්ක මධුෂාන් 69, ප්‍රවීන් සඳමාල් 61, රෙෂාන් මලිත් 23, දුෂාන් මධුශංක 56/6, දිනෙත් රෂ්මික 29/2)

රාජකීය විදුහල - පළමු ඉනිම ඕවර 37 කදී කඩුලු 5 ට 90
(ධනංජය ප්‍රසාද් 38, අකිල සෙනේෂ් නොදැවී 30, ප්‍රවීන් සඳමාල් 17/2)

 


අදහස් (0)

ශා. ජෝන් 210 යි - පානදුර රාජකීය 5/90

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.