Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය මධ්‍ය විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 113 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (8 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල කිසිවකු නොදැවී ලකුණු 121 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ලකුණු 14 ක අවාසියකට මුහුණ දුන් නමුත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ එස්. තනූජන් (නොදැවී 57) සහ එම්. සෞම්‍යම් (නොදැවී 46) දෙදෙනා එක්ව ගොඩනැංවූ ශතක සම්බන්ධතාව හේතුවෙන් දෙවැනි දිනය නිමාවන විට කඩුලු 10 ක් අතැතිව ලකුණු 107 ක් ඉදිරියට පැමිණීමට ශාන්ත ජෝන් විදුහල සමත්ව සිටියේය.
යාපනය මහ විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ කේ. ඉළයරාසන් ලකුණු 77 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා පුරෝගාමී විය.
හෙට (9 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 181
(දිනෝෂන් තිවේන්ද්‍රම් 98, අභිනාෂ් මුර්ෆින් 24, ඉලයරාසන් කමලරාසා 54/5, වියස්කාන්ත් විජයකාන්ත් 43/3)
යාපනය මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී 195
(කේ. ඉලයරාසන් 77, වී. වියස්කාන්තන් 41, ඒ. ජයදර්ශන් 21, ඒ. සරන් 54/3, එල්ෂාන් දුනුෂාන් 11/2, එම්. හේමදුෂාන් 20/2, ටී. විනෝෂන් 25/2)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39 කදී කිසිවකු නොදැවී 121
(එස්. තනූජන් නොදැවී 57, එම්. සෞම්‍යම් නොදැවී 46)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.