Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ කඩුලු අටක ජයක් ලබාගත්හ.
ශාන්ත ජෝන් විදුහල පිට පිටම දෙවැනි වරටත් ජය ලැබීම මෙහිදී කැපී පෙනේ. ශාන්ත ජෝන් විදුහල මෙම ජයග්‍රහණයත් සමඟ සමස්ත ජයග්‍රහණ සංඛ්‍යාව තුනක් ලෙස රාජකීය විදුහල සමඟ සම කළේය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (9 වැනිදා) පස්වරුවේ ශාන්ත ජෝන් විදුහල් පිල ලකුණු 30 ජයග්‍රාහි ඉලක්කය ඕවර 8.3 කදී කඩුලු දෙකක් දැවී සම්පූර්ණ කළේය.
පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් රාජකීය විදුහල් දෙවැනි ඉනිම තේ විවේකයෙන් පසුව ලකුණු 136 කට සීමා කිරීමට ශාන්ත ජෝන් පන්දු යවන්නෝ සමත් වූහ. පානදුර රාජකීය විදුහල් දෙවැනි ඉනිමේදී දුෂාන් මධුශංක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 43 ක් රැස්කළේය.
තමිඳු නිර්වර්ථන දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 37 කට කඩුලු හයක් දවාගැනීමට සමත් විය.
පළමු දිනය වූ ඊයේ (සිකුරාදා) සවස ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු පහක් දැවී ලකුණු 90 ක් ලබා සිටි රාජකීය විදුහල් පළමු ඉනිම අද පෙරවරුවේ ලකුණු 103 කට සීමාවිය. ඒ අනුව ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිමේදී ලකුණු 107 ක වාසියක් ලබාගත්තේය. එහිදී ප්‍රවීන් සඳමාල් (19/3), අෂේන් දිල්හාර (24/3) සහ සසිත මනුප්‍රිය (30/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.
ශාන්ත ජෝන් විදුහල් පිලේ නායක ප්‍රවීන් සඳමාල් තරගයේ වීරයා ලෙසද, දිනුෂ්ක මධුෂාන් දක්‍ෂතම පිතිකරු ලෙසද, අභිෂේක් සංජු දක්‍ෂතම පන්දු රකින්නා ලෙසද, සම්මාන ලැබූහ.
රාජකීය විදුහලේ දුෂාන් මධුශංක දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත්තේය.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 210
(දිනුෂ්ක මධුෂාන් 69, ප්‍රවීන් සඳමාල් 61, රෙෂාන් මලිත් 23, දුෂාන් මධුශංක 56/6, දිනෙත් රෂ්මික 29/2)
රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 103
(ධනංජය ප්‍රසාද් 38, අකිල සෙනේෂ් 30, ප්‍රවීන් සඳමාල් 19/3, අෂේන් දිල්හාර 24/3, සසිත මනුප්‍රිය 30/3)
රාජකීය විදුහල දෙවැනි ඉනිම ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 136
(දුෂාන් මධුශංක 43, සෙනේෂ් ආකර්ෂ 21, තමිඳු නිර්වර්ථන 37/6)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම ඕවර 8.3 කදී කඩුලු 2 ට 30
(රෙෂාන් මලිත් නොදැවී 13)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.