Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා.ජෝන් පළමු ඉනිම ලකුණු 181 කට සීමාවෙයි

ශා.ජෝන් පළමු ඉනිම ලකුණු 181 කට සීමාවෙයි

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මධ්‍ය විද්‍යාලය  සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භවූ 113 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් විද්‍යාලයට සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.


ශතකයට ලකුණු 2 ක් මෙපිටින් දැවී ගිය දිනෝෂන් තිවේන්ද්‍රම් (98) ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.


ඉයලරාසන් කමලරාසා ලකුණු 54 කට කඩුලු 5 ක් සහ වියස්කාන්ත් විජයකාන්ත් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගනිමින් යාපනය මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පළමු දිනට තරගය අවසන් කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි යාපනය මධ්‍ය විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලකුණු 59 ක් රැස්කර සිටියේය. කේ.ඉහලරාසන් ලකුණු 25 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
හෙට (8 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

 

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 181
(දිනෝෂන් තිවේන්ද්‍රම් 98, අභිනාෂ් මුර්ෆින් 24, ඉයලරාසන් කමලරාසා 54/5, වියස්කාන්ත් විජයකාන්ත් 43/3)


යාපනය මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 59
(කේ.ඉහලරාසන් නොදැවී 25, ටී.විනෝෂන් 17/2)


අදහස් (0)

ශා.ජෝන් පළමු ඉනිම ලකුණු 181 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.