Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා.ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ශා.ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය.

 පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.

ලක්ෂාන් ගමගේ සහ අෂීන් ඩැනියෙල් කඩුලු 4 බැගින්ද ශාලින්ද සෙනෙවිරත්න කඩුලු 2 ක් ද දවාගනිමින් වේල්ස් කුමර විද්‍යාලීය පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් සිය පාසල අවසන් පූර්ව වටය සඳහා රැගෙන යාමට සමත්වූහ.

ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 79.3 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(දුනිත් වෙල්ලාලගේ 56, ජොහාන් ද සිල්වා 43, සචින්ත මහින්දසිංහ 31, ශෙවොන් ඩැනියෙල් 29, අෂීන් ඩැනියෙල් 28, ලක්ෂාන් පෙරේරා 35/3, කෞමාල් නානායක්කාර 87/3, සුවත් මෙන්ඩිස් 43/2)

වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 99.2 කදී සියලුදෙනා දැවී ලකුණු 205
(නදුක ප්‍රනාන්දු නොදැවී 62, ලක්ෂාන් පෙරේරා 46, දේවක පිරීස් 42, ලක්ෂාන් ගමගේ 46/4, අෂීන් ඩැනියෙල් 53/4, ශාලින්ද සෙනෙවිරත්න 39/2)


අදහස් (0)

ශා.ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.