Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ ශාන්ත තෝමස් විදුහල අතර උයන්වත්ත ක්රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති 19 වැනි වාර්ෂික එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත තෝමස් විදුහල් ක්රීඩකයෝ ඕවර 44.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී සුරංග ලක්ෂාන් නොදැවී ලකුණු 45 ක්ද, හිරුෂ ජීවජිත් නොදැවී ලකුණු 44 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේෂස් විදුහල ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 231 ක් රැස්කළ අතර පුෂ්පිත දිල්ෂාන් (51) එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය.
ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චාමික රණසිංහ ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර ශාන්ත සර්වේෂස් විදුහල් පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හිරන්ත ලක්ෂාන්, දිසන්තික ජයවීර සහ මිහිසල් අමෝද කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 231
(පුෂ්පිත දිල්ෂාන් 51, තිහාන් කලිඳු 39, චේතක දෙනුවන් 34, නවීන් සහිත් නොදැවී 25, කේසර නුවන්ත 20, චාමික රණසිංහ 31/3, හිරන්ත ලක්ෂාන් 33/2, දිසන්තික ජයවීර 38/2, මිහිසල් අමෝද 39/2)
ශාන්ත තෝමස් විදුහල - ඕවර 44.3 කදී කඩුලු 5 ක් දැවී 234
(සුරංග ලක්ෂාන් නොදැවී 45, හිරුෂ ජිවජිත් නොදැවී 44, වෝෂිත අත්සර 40, ගිසන්තික ජයවීර 38, මිහිසල් අමෝද 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.