Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශාන්ත සිල්වෙස්තර - හේමමාලි යොවුන් බොක්සිං ශූරතා දිනති

ශාන්ත සිල්වෙස්තර - හේමමාලි යොවුන් බොක්සිං ශූරතා දිනති

editorial - 2024 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සංවිධායකත්වයෙන් මහනුවර, සහස් උයන පරිශ්‍රයේදී පැවැති ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග කුසලාන යොවුන් බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලත්, කාන්තා ශූරතාව දිනාගැනීමට මහනුවර හේමමාලි බාලිකා විදුහලත් සමත් විය. 

රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්ම් 2 ක් සමගින් සිල්වෙස්තර ක්‍රීඩකයන් පිරිමි ශූරතාවට දිනාගත් අතර හේමමාලි ක්‍රීඩිකාවන් කාන්තා ශූරතාව දිනාගත්තේ රන් පදක්කම් 5 ක් සහ එක් රිදී පදක්කමක් සමගිනි. 

කොළඹ රාජකීය විදුහල රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමින් පිරිමි අනු ශූරතාව හිමිකර ගත් අතර රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් හොරණ ශ්‍රීපාලි විදුහල කාන්තා අනු ශූරතාවට හිමිකම් කීවේය. 

ෆ්ලයි (කි.ග්‍රෑ. 51) බර පංතියෙන් තරග වැදුණ කොළඹ නාලන්දා විදුහලේ අයි.එන්.ඩී. තුෂාර  තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ෆ්ලයි (කි.ග්‍රෑ. 52) බර පංතියෙන් තරග වැදුණ හේමමාලි බාලිකා විදුහලේ කේ.එම්.එන්. සංදීපනී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. 

එන්.එම්. අබ්දුල්රහමන් (කි.ග්‍රෑ. 54), කේ.ජී.එස්.කේ. හේෂාන් (කි.ග්‍රෑ. 60), ජේ.එම්.ටී. දේෂාන් (කි.ග්‍රෑ. 63.5) සහ එස්.ජී.එම්. අස්හර් (කි.ග්‍රෑ. 71) ශාන්ත සිල්වෙස්තර විදුහල වෙනුවෙන් රන් පදක්කම් දිනූ ක්‍රීඩකයන් වූ අතර චතුනි සිරිවර්ධන (කි.ග්‍රෑ. 50), එච්.ජී.එස්. සෙව්වන්දි (කි.ග්‍රෑ. 57), යූ.ජී.එස්.ඩී. පෙරේරා (කි.ග්‍රෑ. 63) සහ ඒ.එම්.යූ. දේවින්දි (කි.ග්‍රෑ. 81) හේමමාලි බාලිකා විදුහල වෙනුවෙන් රන් පදක්කම් දිනූ සෙසු ක්‍රීඩිකාවෝ වූහ. 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්තර - හේමමාලි යොවුන් බොක්සිං ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.