ශානිකාගෙන් දෙවැනි වාර්තාවත්
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේ දී දැන් පැවැත්වෙන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ අද (21) තෙවැනි දිනයේ දී ක්‍රීඩිකාවන් වෙතින් වැඩි දස්කම් පළ වෙමින් කාන්තා ඉසව් තුනකින් නව වාර්තා බිහි විය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ශානිකා ලක්‍ෂාණි ඊයේ මීටර 1500 – වයස 20 න් පහළ කාන්තා ඉසව්වෙන් වසර 11ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට සමත් වූවාය. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී සිය දෙවැනි නව තරග වාර්තාව පිහිටුවීමට ද ඒ අනුව ඊයේ සමත් වූවාය.
මෙම ක්‍රීඩා උළෙල හෙට (22) පස්වරුවේ දී නිමාවට පත්වේ.
අදදිනය නිමාවන විට ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට මෙවරත් වැඩි ඉඩකඩ ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 83 ක් ලබා පෙරමුණේ පසුවිය. ඒ වන විට දෙවැනි ස්ථානයට පත්ව තිබූ කොළඹ දස්ත්‍රික්කය ලකුණු 59 ක් ලබා තිබුණි.
අද දිනය නිමා වන විට මලල ක්‍රීඩා නව තරග වාර්තා නවයක් වාර්තා වී තිබුණි. අවසන් දිනයේ මලල ක්‍රීඩා ඉසව් අටක අවසන් තරග පැවැත්වීමට නියමිතය.
33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
♦ මීටර 1500 – වයස 20 න් පහළ – කාන්තා:- ෂානිකා ලක්‍ෂාණි (ගම්පහ – විනාඩි 4 තත්පර 35.55)
♦ මීටර 400 – වයස 20 න් පහළ කාන්තා:- සයුරී ලක්‍ෂිමා මෙන්ඩිස් (ගම්පහ – තත්පර 56.00)
♦ මීටර 100 – කඩුලු - වයස 20 න් පහළ කාන්තා:- එච්.ඒ.පී. හෙට්ටිආරච්චි (මහනුවර – තත්පර 14.97)
මීටර 100 කඩුලු වයස 20 න් පහළ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවූ එච්.ඒ.පී. හෙට්ටිආරච්චි