Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකාව මූලික වටයේ තරග සියල්ලම පරදී

ශී‍්‍ර ලංකාව මූලික වටයේ තරග සියල්ලම පරදී

ශනුක අරවින්ද - 2016 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් තරගාවලිය යටතේ පැවැති මූලික තරග තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ අතර ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටි සෙසු රටවල් වන ජපානයට, හොං කොං දේශයට සහ මැකාවෝ රාජ්‍යට එරෙහිව පැවැති තරග වලදී ශ්‍රී ලංකාවට පරාජය අත්විය.

කණ්ඩායම් තරගාවලියේ තරග වටයක් සඳහා බාලක කේවල තරගයක්, බාලිකා කේවල තරගයක්, බාලක යුගළ තරගයක්, බාලිකා යුගළ තරගයක් සහ මිශ‍්‍ර යුගළ තරගයක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ජපානයට එරෙහිව පැවැති තරග වටය 5-0 ක් ලෙසද, හොං කොං දේශයට එරෙහිව පැවැති තරග වටය 5-0 ක් ලෙසද, මැකාවෝ රාජ්‍යට එරෙහිව පැවැති තරග වටය 3-2 ක් ලෙසද පරාජයට පත්වූහ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග‍්‍රහණ දෙකට හිමිකම් කීමට ඩිල්මි ඩයස්, කසුන් අමරසේන සහ රන්තුෂ්ක සසිඳු යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මැකාවෝ රාජ්‍යට එරෙහිව පැවැති තරග වටයේ බාලිකා කේවල තරගය ජයගැනීමට ඩිල්මි ඩයස් සමත් වූ අතර බාලක යුගළ තරගය ජයගැනීමට කසුන් අමරසේන සහ රන්තුෂ්ක සසිඳු සමත් වූහ.

කී‍්‍රඩකයෝ 7 දෙනෙක් (කසුන් අමරසේන, තරිඳු අෙ ඕගොඩ,  ඕෂද ද සිල්වා, මධුක දුලාංජන, සෙව්මිණ ගුණතිලක, ගවින් මොරගොඩ, රන්තුෂ්ක සසිඳු) සහ කී‍්‍රඩිකාවෝ 8 දෙනෙක් (හසිනි අම්බලන්ගොඩගේ, ඩිල්මි ඩයස්, බුත්මි ගලගමගේ, කවිෂ්කා ගුණරත්න, ලසංගනා හෙට්ටිආරච්චි, ඉනුරි කුරුප්පු, තනුෂි රත්නායක සහ හසාරා විජේරත්න) කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.  

මෙම තරගාවලියේ දෙවැනි අදියර (කේවල සහ යුගළ තරගාවලිය) හෙට (13 වැනිදා) සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.
 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව මූලික වටයේ තරග සියල්ලම පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.