Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරයා චමීර-ශූරිය සමල්ෂා

ශූරයා චමීර-ශූරිය සමල්ෂා

editorial - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ කන්දෙගොඩ එස්.ආර්.එස්. ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේදී නිමාව දුටු 19 වැනි ටිබා විවෘත මේස පන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දෙවතාවක්ම ජාතික මේස පන්දු ශූරයා වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ දිනා ගත්තේය.

විවෘත කාන්තා ශූරතාව ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ සමල්ෂා දෙව්මි දිනා ගත්තාය. සමල්ෂා මෙයට අමතරව වයස17න් පහළ 19න් පහළ කාන්තා ශූරතා ද්විත්වයම දිනා ගැනීම කැපී පෙනුණි.

ජාතික මට්ටමේ මේස පන්දු තරගාවලියක් අම්බලන්ගොඩ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එහි විවෘත පිරිමි ශූරතාව 2018, 2022 දෙවර්ෂයේදීම ශ්‍රී ලංකා ජාතික මේස පන්දු ශූරයා ලෙස කිරුළු පැළඳි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ දිනා ගත්තේ අවසන් මහ තරගයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ හිරුණ වර්ෂවිතාන පරාජය කරමිනි.

එහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ විසින් තරග වට 3-0ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ හිරුන වර්ෂවිතාන පරාජය කරන ලදී.

වයස 17න් පහළ කාන්තා ශූරතාව කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ නදුනි අනුප්‍රිය පරාජය කරමින් හා වයස 19න් පහළ කාන්තා ශූරතාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිනෙත්මි තෙසන්‍යා පරාජය කරමින් දිනාගත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සමල්ෂා දෙව්මි විවෘත කාන්තා ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදාවේ කසුනි පිටිගල තරග වට (3-0)ක් ලෙස පරාජය කරමින් දිනා ගත්තාය.

ටිබා ක්‍රීඩා සමාජය සංවිධානය කළ අවී සමාගමේ ප්‍රධාන අනුග්‍රහයෙන් පැවති මෙම තරගාවලියේ ජය සංඛේත ප්‍රදානෝත්සවය එම ක්‍රීඩා සමාජයේ සභාපති බුද්දීන් විතානාච්චි මහතා සහ ලේකම් නාමල් ගුණසේකර මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තාවූ කර්නල් නලීන් හේරත් මහතා ඇතුලු‍ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.


අදහස් (0)

ශූරයා චමීර-ශූරිය සමල්ෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.