Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේ මාර්තු 4 සිට 6 වැනිදා දක්වා පැවැති ගුවන් හමුදා පාපැදි සවාරියට තරග වැදුණු ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක ශරීරගත කර ගනිමින් තරග වැදුණු බවට චෝදනා ලබා තිබේ.
චෝදනාලාභී මොවුන් අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ නම් තහනම් උත්තේජක භාවිතා කරමින් තරග වැදුණු බවට එල්ලවූ මෙම චෝදනාවට ඔවුන් වැරැදිකරුවන් වන බවට සලකා වසර හතරක් දක්වා තරග පැනවීමේ බලය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ විනය කමිටුවට හිමිවේ.
මෙම චෝදනාලාභී එක් ක්‍රීඩකයකු මීට පෙරත් තහනම් උත්තේජක චෝදනාවට වැරැදිකරුවකු බවට පත්ව තිබෙන අයෙකි. 23 වැනි (2022)ගුවන් හමුදා පා පැදි සවාරිය පසුගිය මාර්තු 4 සිට 6 වැනිදා දක්වා කොළඹ-පුත්තලම-දඹුල්ල-කටුනායක දක්වා අදියර තුනකින් කිලෝ මීටර 432ක මුළු දුරක් ගෙවා අවසන් කෙරුණි.
එහි කාන්තා තරග ඉසව්ව පුත්තලම සිට කටුනායක දක්වා කිලෝ මීටර 96ක් ගෙවා අවසන් කෙරුණි. මෙහි පිරිමි ඉසව්වේ සමස්ත ජයග්‍රාහකයා ලෙස යුද හමුදා ක්‍රීඩක චමෝද් ද සිල්වා ශූරතා කුසලාන දිනීය.
මේ අතර කාන්තා තරගය ජයගත් ෂාලිකා දිල්හානි මෙලෙස තහනම් උත්තේජක චෝදනා ලබා සිටින ක්‍රීඩිකාව බවට පත්ව සිටීම කැපී පෙනේ.
ප්‍රවීණ ක්‍රීඩකයෙක් වන සුවාරිස් ප්‍රේමචන්ද්‍ර හා නිශාන්ත පෙරේරා තහනම් උත්තේජක ශරීර ගත කරමින් තරග වැදුණු බව පළමු මුත්‍රා නියැදි පරීක්ෂණයේදී සනාථ වී තිබෙන ක්‍රීඩකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.