Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සිමෝනා නොසිතූ අකරතැබ්බයක

සිමෝනා නොසිතූ අකරතැබ්බයක

Nisanka Sandeepani - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දවසින් දවස ලෝක ටෙනිස් ක්‍රීඩාලෝලීන් කුතුහලයට පත් කරමින් වාසනාවත්, හැකියාවත් මත ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කෝඩුකාරයන් මෙන්ම පළපුරුදුකාරයන් ඉවතට විසි කරමින් වටයෙන් වටය ඉදිරියට යමින් සිටින ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තීරණාත්මක සිවුවැනි වටයේ එළිපත්තට පැමිණ සිටිති. 

මෙවර තරගාවලියේ සිවුවැනි දිනය නිමාවේදී අමෙරිකාවේ සොෆියා කෙනින් ලකුණු 6-3 ක්, 6-7 ක්  සහ 6-4 ක් ලෙස පරාජය කරමින් තුන්වැනි වටයට පිවිසි කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ ක්‍රීඩිකා රුමේනියාවේ සිමෝනා හීල්ප්ට ඊළග තරගයට මුහුණදීමට නියමිතව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්වල හිටපු නොම්මර එකේ ක්‍රීඩිකාවක වන අමෙරිකාවේ වීනස් විලියම්ස්ට එරෙහිවය. 

පසුගිය වසරේදී මේ තරගාවලියේ අනුශූරිය බවට පත්වූ සිමෝනාට තුන්වැනි වටයේදී මුහුණදීමට සිදුවී ඇත්තේ ලෙහෙසි පහසු අභියෝගයකට නොවේ. 

සෙරීනාගේ අක්කා වන 38 හැවිරිදි වීනස් විලියම්ස් වසර 2017 දී සිය සොයුරිය කුසලානය දිනාගනිද්දී අනුශූරතාවයෙන් සෑහීමකට පත්වූ අතර මෙවර තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින්නීය. ඇය තුන්වැනි වටයට පිවිසියේ ප්‍රංශයේ ඇලිස් කෝනෙට් ලකුණු 6-3 ක්, 4-6 ක් සහ 6-0 ක් ලෙස පරාජය කරමිනි. 

ඒ අතින් බැලූ විට මෙවර තරගාවලියේ වැඩිම පීඩනයකට ලක්වී සිටින ක්‍රීඩිකාව බවට පත්වී ඇත්තේ සිමෝනාය. ඇයට පසුගිය වසරේ මග හැරුණු ඕස්ට්‍රේලියානු කුසලානය කරා යාමට නම් දැන් සිදුවී ඇත්තේ කලක් ලෝක ටෙනිස් පිටියේ ආධිපත්‍ය පතුරුවාලූ විලියම්ස් අක්කා නගෝ දෙදෙනාවම පරාජය කරමිනි.  වඩාත් බරපතළ ප්‍රතිවාදිනිය වන සෙරීනා මේ වතාවේදී තමන් හමුවීමට පෙර අක්කාව එවා තිබේ. මෙවන් ඉරණමකට මේ රුමේනියානු ක්‍රීඩිකාව මුහුණ දෙන්නේ පළමු වතාවටය.

මේ අතර තරගාවලියේ ශූරිය බවට පත්වීමට වැඩිම ඉඩකඩක් ඇති ක්‍රීඩිකාව ලෙස කාගෙත් ජනප්‍රියත්වයට පත්වී සිටින වීනස්ගේ නැගණිය සෙරීනා විලියම්ස් ඊයේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබුවේ කැනඩාවේ එවුගිනි බවුචාඞ් කිසිදු අපහසුවකින් තොරව පරාජය කරමිනි. මිනිත්තු 70ක් ඇතුළත ලකුණු 6-2ක් සහ 6-2ක් ලෙස පහසු ජයක් ලබාගැනීමට ඇය සමත් වූවාය. පෙනෙන හැටියට ඇය සිය වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව වේගයෙන් හඹා යමින් සිටින අතර තුන්වැනි වටයේදී යුක්රේනයේ ඩයනා යැස්ටරෙම්ස්කා ඉවතට තල්ලු කර දමා අවසන් 16දී සිය සොයුරිය වීනස් හෝ සිමෝනා හමුවීමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය. 

අද තරගාවලියේ සිව්වැනි වටයේ තරග පැවැත්වෙන දිනයයි. සිමෝනා සහ වීනස් විලියම්ස් අතර තරගය මෙන්ම මාරියා ෂරපෝවා සහ කැරොලින් වොස්නියැකි අතර තරගයද අද පැවැත්වේ. 

 


අදහස් (0)

සිමෝනා නොසිතූ අකරතැබ්බයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.