Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය මේ මස 12, 13 සහ 14 තෙදින මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.
දිවයිනේ පළාත් මට්ටමින් පැවති තේරීම් තරගවලින් තෝරගනු ලැබූ වයස 17න් පහළ සහ 20 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් අතර පමණක් මේ තරගාවලිය පැවැත්වේ. බාලක බාලිකා කණ්ඩායම් 108 ක් මේ තරගාවලියට සහභාගිවීමට නියමිතය.
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩා කළ යුතු තරග වට සංඛ්‍යාව පහකි. එක් කණ්ඩායමක සිටිය යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හතකි.
තරග වට පහෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ ශූරතාව, අනු ශූරතාව සහ තෙවැනි ස්ථාන තෝරාගනු ලබයි. ජයග්රාහණ ලබා ගන්නා කණ්ඩායම්වලට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි. එමෙන්ම පුවරු දක්ෂතම ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට විශේෂ පදක්කම් පිරිනැමේ.
මේ තරගාවලියට සහභාගී වන සෑම චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවක්ම සිය පාසල් නිල ඇදුමින් තරග බිමට පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.