Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
බෙන්තොට සී හෝර්ස් ජල ක්‍රීඩා සමාජය සංවිධානය කළ කිලෝමීටර් 2 මුහුදු පිහිනුම් තරගාවලියේ සමස්ත කාන්තා සහ පිරිමි ශූරතා දෙකම අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි. තරගාවලියේ අනු ශුරතා දෙකම අම්බලන්ගොඩ ලයන් ජල ක්‍රීඩා සමාජයට හිමිවිය.
මෙම තරගාවලිය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්විණ.
ජල ක්‍රීඩා සමාජ,පාසල් , ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලුව දිවයිනේ පිහිනුම් සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 186 ක් සහ පිහිනුම් ක්‍රීඩිකාවෝ 54ක් මේ තරගාවලියට සහභාගීවූහ. එහෙත් සියලුම තරග ඉසව්වල පාහේ ජයග්‍රහණ අම්බලන්ගොඩ ඩොල්පින් සහ ලයන් ජල ක්‍රීඩා සමාජ දෙක අතර හුවමාරුවී තිබීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබුණු විශේෂත්වයකි.
තරගාවලියේ පිරිමි කේවල ශූරතාව අම්බලන්ගොඩ ලයන් ජල කීඩා සමාජයේ නිරෝද් තීක්ෂණ විසින් දිනාගන්නා ලද අතර එහි කාන්තා ශූරතාව අම්බලන්ගොඩ ඩොල්පින් ජල කීඩා සමාජයේ මිහිරංගි ගුණවර්ධන විසින් ද දිනා ගන්නා ලදි.
පිරිමි කේවල අනු ශූරතාව අම්බලන්ගොඩ ඩොල්පින් ජල කීඩා සමාජයේ ඩබ්ලිව්. එස්. දෙනුවන් සිල්වාට හිමිවූ අතර කාන්තා කේවල අනු ශූරතාව අම්බලන්ගොඩ ලයන් ජල කීඩා සමාජයේ ඒ.එම්.පී.ප්‍රදීපිකා හිමිකර ගත්තාය. කේවල කාන්තා , පිරිමි තෙවන ස්ථාන ද්විත්වයද අම්බලන්ගොඩ ඩොල්පින් සහ ලයන් ජල කීඩා සමාජ දෙක අතර හුවමාරුවිය. ඒ අනුව පිරිමි කේවල තෙවන ස්ථානය අම්බලන්ගොඩ ලයන් ජල කීඩා සමාජයේ සමීර සිල්වා දිනා ගත් අතර කාන්තා කේවල තෙවන ස්ථානය අම්බලන්ගොඩ ඩොල්පින් ජල කීඩා සමාජයේ ඩී.එස්.ආර්.කාවින්දයා දිනා ගත්තාය.
පිරිමි තරගාවලියේ සමස්ත තෙවන ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ද කාන්තා තරගාවලියේ සමස්ත තෙවන ස්ථානය කළුතර බාලිකා විදයාලය විසින් ද දිනා ගන්නා ලදහ.
සමස්ත පිරිමි ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ ඩොල්පින් ජල කීඩා සමාජ පිරිමි කණ්ඩායම.
සමස්ත කාන්තා ශූරතාව දිනා ගත් අම්බලන්ගොඩ ඩොල්පින් ජල කීඩා සමාජ කාන්තා කණ්ඩායම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.