Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සංජීව ධර්මසේන - ටෝකියෝ නුවර සිට)
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේ බාල සොහොයුරා වන, බ්‍රෙන්ඩන් ස්ටාර්ක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උසපැනීම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අද (30 වැනිදා) සමත් විය. ක්‍රීඩකයන් 13 දෙනෙකු මී. 2.28 ක දක්‍ෂතාවක් දක්වා මේ වනවිට පදක්කම් වටයට පිවිස සිටින අතර, ඉන් බ්‍රෙන්ඩන් 06 වැනි ස්ථානයේ රැඳී සිටියි.
27 හැවිරිදි බ්‍රෙන්ඩන් 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේදී රන් පදක්කමත්, 2010 යොවුන් ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත්ව ඇත.
ඔලිම්පික් උළෙලේ තවත් සුවිශේෂී මතක සටහනක් එක්කරමින්, ඔලිම්පික් ඉතිහාසයේ පදක්කමක් දිනූ ලොව කුඩාම රාජ්‍ය වීමට ශාන්ත මරීනා රාජ්‍යයට මෙවර අවස්ථාව උදාවිය. ඉතාලියෙන් වට වූ කුඩා යුරෝපීය රාජ්‍යක් ලෙස ශාන්ත මරීනා සැලකෙන අතර, එරට ජනගහණය වන්නේද 34,000කි.
කෙසේ නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු එරට නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූ අතර, ඉන් ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩිකාවක වන ඇලෙසැන්ඩ්‍රා පෙරිලි ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය වන අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරැ 6.00 වන විට රන් පදක්කම් 18 ක් සමගින් පදක්කම් 38 ක් හිමිකරගෙන සිටි චීනය පදක්කම් පුවරැවේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කම් 17 ක් සමගින් පදක්කම් 28 ක් දිනාගෙන සිටි ජපානය එහි දෙවැනි තැන අත්කරගෙන සිටියේය.
පදක්කම් පුවරුව (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.00 වන විට)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.