Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
මේ මස 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භවන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට (සාග්) අලූතින්ම එක් වු කාන්තා හොකී තරගාවලියට රටවල් තුනක් පමණක් සහභාගිවන බව වාර්තාවේ. එනිසා පහසුවෙන්ම හොකී කාන්තා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ.
ක‍්‍රීඩා උළෙලට සහභාගිවන රටවල් අටෙන් හොකී කාන්තා තරගාවලියට මේ දක්වා ඉදිරිපත්ව ඇත්තේ සත්කාරක ඉන්දියාව, නේපාලය සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුන පමණි.
පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් දෙකින් කණ්ඩායම් තරගාවලියට ඉදිරිපත් නොවන බව වාර්තාවේ. භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්තානය යන රටවල් හොකී ක‍්‍රීඩාවේ වැඩි වශයෙන් නිරත නොවන බවද දැන ගන්නට ඇත.
හොකී ක‍්‍රීඩාවෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් වන ඉන්දියාව තරගාවලියේ ශ‍්‍රී ලංකාවට අභියෝගයක් වුවත් නේපාලය පරාජය කිරීමේ හැකියාව ශ‍්‍රී ලංකා කණ්ඩායම සතුව ඇතැයි ශ‍්‍රී ලංකා හොකී පුහුණුකරුවන්ගේ අදහසයි.
පුහුණුකරු ජී. ජී. ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම පුහුණුවීම්වල නිරතවේ.
ශ‍්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම:
ජී. ජේ. කීර්තිරත්න, එස්. එම්. ඉලේපෙරුම, පී. නිල්මිණී එච්.එස්. වික‍්‍රමසිංහ, කේ. කේ. අබේරත්න, ශානිකා ප‍්‍රභාෂිනී, ප‍්‍රාර්ථනා උපේෂා, ජී.ජී. දමයන්ති, ඞී. ටී. ඒකනායක, එම්. වී. ධර්මරත්න, වයි.ඒ.විජේසුරිය, අයි.ඞී . වීරබාහු, එන්. එම්. ජයනෙති, කේ.එස්. ජයරත්න, සී.ටී තේමියදාස, එල්.කේ ගුණරත්න, සී.ඞී. පේ‍්‍රමසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.