Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (21 වැනිදා) සමත්විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 260 ක දැවැන්ත ජයක් ලබාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
පිත්තෙන් දස්කම් දැක්වූ ශලින් ද මෙල් (145) ශතකයක් සහ රවිඳු ද සිල්වා (92) අර්ධ ශතකයක් ලබාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය අතර ක්‍රිෂාන් මුණසිංහ කඩුලු 3 ක් ද ඩෙලන් පිරීස් සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් ආනන්ද විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
සා.තෝමස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 333
(ශලින් ද මෙල් 145, රවිඳු ද සිල්වා 92, උමයංග සුවාරිස් 26, සුදීප අඟුලුගහ 66/4, මහෝෂධ ප්‍රනාන්දු 42/2)
ආනන්ද විද්‍යාලය - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ලකුණු 73
(සොනාර කරුණාතුංග 20, ක්‍රිෂාන් මුණසිංහ 03/3, ඩෙලන් පිරීස් 08/2, කළණ පෙරේරා 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.