Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 109 ක ජයක් ලබාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. 

උමයංග සුවාරිස් (නොදැවී 84) සහ රයන් ප්‍රනාන්දු (53) අර්ධ ශතක ලබාගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 300 සීමාවෙනු ඔබ්බට රැගෙන යාමට සමත්වූ අතර ඩෙලන් පිරීස් කඩුලු 4 ක් ද රයන් ප්‍රනාන්දු කඩුලු 3 ක් සහ කළණ පෙරේරා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 332
(උමයංග සුවාරිස් නොදැවී 84, රයන් ප්‍රනාන්දු 53, සිතාර හපුහින්න 48, ශලින් ද මෙල් 45, රවිඳු ද සිල්වා 34, කළණ පෙරේරා 25, ටාරික් සබූර් 47/2)

ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 223
(ශැනන් ප්‍රනාන්දු 62, වනුජ සහන් නොදැවී 58, ඩෙලන් පිරීස් 26/4, රයන් ප්‍රනාන්දු 29/3, කළණ පෙරේරා 31/2)


අදහස් (0)

සා.තෝමස් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.