Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාෆ් පාපැදි පුහුණු සංචිතය සඳහා තේරීම් තරග පෙබරවාරි 3 වැනිදා පෙරවරු 8.00 ට මොරටුව පානදුර මාර්ගයේදී පැවැත්වේ. මොරටුව වෙරළබඩ මාර්ගයේ ඉන්කා ගොඩනැගිල්ල අසලින් මෙම තේරීම් තරගය ආරම්භ වේ.
කොළඹදී පැවැත්වීමට නියමිත ටී-කප් ජාත්‍යන්තර පාපැදි තරගය සඳහා නිර්දේශ කරන ශ්‍රී ලංකා කණ්ඩායම් පූර්ව තේරීම් ද එහිදී අවධානයට යොමු කෙරේ. තේරීම් තරග අයදුම්පත් ලබන පෙබරවාරි 1 වැනිදා දක්වා බාර ගැනේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මේ වනවිට ස්ථාපිත කර තිබෙන සාෆ් පාපැදි පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 60 දෙනාට අමතරව වෙනත් ක්‍රීඩා සමාජවලට අයත් සුපිරි හා වයස 23න් පහළ ක්‍රීඩකයන් තිදෙනෙකුට හා පළපුරුදු (මාස්ටර්) වර්ගීකරණයට අයත් ක්‍රීඩකයන් තිදෙනෙකුට ද මොරටුවේදී පැවැත්වෙන තේරීම් තරග සඳහා සහභාගි විය හැකිය.
මේ වනවිට පාපැදි සංචිතයට නිර්දේශ කර සිටින ක්‍රීඩකයන් 60 දෙනා දිවයිනේ ප්‍රමුඛතම පාපැදි ක්‍රීඩා සමාජ හයක් වන යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිසිය, වරාය අධිකාරිය සහ දෙහිවල-ගල්කිස්ස මහනගර යන ක්‍රීඩා සමාජවලින් නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ අඛණ්ඩ වර්ගීකරණයක් ලෙස වයස 30ට වැඩි තරගකරුවන් පළපුරුදු (මාස්ටර්ස්) කාණ්ඩයට ඇතුළත් වන බවයි. ඔවුන් 2018 වසරට ‘සුපිරි’ කාණ්ඩයට ඇතුලත් නොවූ තරගකරුවන් විය යුතු අතරම අවම වශයෙන් 1988 වර්ෂයේ හෝ ඉන් පෙර උපන් තරගකරුවන් විය යුතුය.
මේ අතර සුපිරි කාන්තා හා කනිෂ්ඨ පිරිමි තරගකරුවන් හා තරගකාරියන් සඳහාද මෙදින (විවෘත) තේරීම් තරග පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි.
තරග අයැදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.