Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී.සී.සී. පිල සුපිරි වටයේ පෙරමුණ රැකගනී

සී.සී.සී. පිල සුපිරි වටයේ පෙරමුණ රැකගනී

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 69.86 ක් ලබා සිටින සී.සී.සී. පිල සමත්ව සිටියි. මූලික වටයේ ප්‍රසාද ලකුණුද සමගින් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි සී.සී.සී පිල තරග 6 කට සහභාගි වී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්ව තිබේ.

සුපිරි 8 දෙනාගේ වටයේ තරග 6 කට බැගින් සහභාගි වී ඇති එස්.එස්.සී. පිල සහ ද්‍රවිඩ සංගම් පිල පිළිවෙළින් ප්‍රසාද ලකුණු 68.56 ක් සහ 65.69 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන තරගාවලියේ පෙරමුණේ පසුවන බි.ආර්.සී. පිල ප්‍රසාද ලකුණු 53.10 ක් ලබාගැනීමට සමත් විය. තරග 5 කට සහභාගි වූ බී.ආර්.සී. පිල පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් හිමිකර ගෙන ඇති අතර එක් පළමු ඉනිමේ පරාජයක්ද ඔවුන් සතුවිය.


- 036

 


අදහස් (0)

සී.සී.සී. පිල සුපිරි වටයේ පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.